හොනොලුලු පොලිස් ප්‍රධානී සුසාන් බැලඩ් පවසන පරිදි ඉරිදා වයිකිකිහි නිවසක දී උදව් අවශ්‍ය බව පවසමින් කාන්තාවක් කළ දුරකථන ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඇය වෙසෙන නිවසට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකු, සැකකරුවෙකු විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ.
කාන්තාව පොලීසියේ සහාය පතා ඇත්තේ ඇයගේ නිවසට කඩා පනින ලද සැකකරු වන ජෙරී හැනෙල් ඇය පිහියෙන් ඇණින ලද හෙයිනි. ප්‍රාදේශීය වේලාවෙන් පෙරවරු 9ට පමණ අදාල ස්ථානයට ගිය ටිෆනි එන්රිකස් සහ කෞලිකේ කලමා යන නිලධාරීන් දෙදෙනාට ඉහත සැකකරු වෙඩි තබා ඇත.
සැකකරු එල්ල කළ පළමු උණ්ඩයෙන් දෙපාර්තමේන්තුවේ 7 හැවිරිදි ප්‍රවීණයෙකු වන එන්රිකේස් තුවාල ලබා ඇති බව බැලඩ් පැවසීය. අතිරේක නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇති අතර, හැනෙල් එම කණ්ඩායමට වෙඩි තැබූ බව වාර්ථා වේ.
මේ නිසා නිවස තුළ ගින්නක් ඇතිවී ඇති අතර ගින්න ව්‍යාප්ත වීම හේතුවෙන් නිවාස කිහිපයකටම අලාභ හානි සිදුවී ඇති බව හොනොලුලු ගිනි නිවීමේ ප්‍රධානී මැනුවෙල් නෙවෙස් මාධ්‍ය හමුවේදී පැවසීය.
පොලිසිය තවමත් හැනෙල්ව සොයමින් සිටින අතර ඔවුන් සොයා ගන්නා තෙක් පරීක්ෂණ නතර නොවනු ඇත. නමුත් ගිනි ගත් ස්ථානයෙන් හදුනා නොගත් මළ සිරුරු 3ක් සොයාගෙන ඇති අතර ඉන් මළ සිරුරක් ඔහු බව තහවුරු වූ විට විය හැකි බවද බැලඩ් කියා සිටියි.