×

සෙක්ස් ඇන්ඩ් ද සිටි හී මැග්ඩා හෙවත් ලින් කොහෙන් මිය යයි.

'සෙක්ස් ඇන්ඩ් ද සිටි' HBO කතාමාලාව ඔස්සේ ලොවම වැළදගත් නිළියක් වන ලින් කොහෙන් පසුගිය සිකුරාදා නිව්යෝක් නුවරදී මිය ගිය බව ඇගේ කළමනාකරු ජොෂ් පුල්ට්ස් නිවේදනය කර ඇත


‘සෙක්ස් ඇන්ඩ් ද සිටි’ HBO කතාමාලාව ඔස්සේ ලොවම වැළදගත් නිළියක් වන ලින් කොහෙන් පසුගිය සිකුරාදා නිව්යෝක් නුවරදී මිය ගිය බව ඇගේ කළමනාකරු ජොෂ් පුල්ට්ස් නිවේදනය කර ඇත. මිය යන විට ඇයගේ වයස අවුරුදු 86 කි.

ප්‍රවීණ චිත්‍රපට සහ වේදිකා නිළියක් වන ඇය ජනප්‍රිය HBO කතා මාලාවේ ගෘහ පාලිකාව වන මැග්ඩා ලෙස රඟපෑවාය.

ඇය 2000 සහ 2004 අතර කථාංග 13 කට පෙනී සිටි අතර 2008 “සෙක්ස් ඇන්ඩ් ද සිටි” චිත්‍රපටයේ සහ එහි 2010 අනුප්‍රාප්තිකයේ ඇයගේ භූමිකාව ප්‍රතිනිර්මාණය කරමින් ජනතාවගේ ආදරය දිනා ගත්තාය.

අයිඑම්ඩීබීයට අනුව ඇය “Law and Order” රූපවාහිනී වැඩසටහන සඳහා මෙන්ම “Law and Order: Criminal Intent” සහ “Law and Order: Special Victims Unit” වැඩසටහන් වලද පෙනී සිට ඇත.

වඩාත් මෑතකදී ඇය 2018 දී සාර්ථක ඇමසන් ප්‍රයිම් කතා මාලාවක් වන “The Marvelous Mrs. Maisel” හි ද පෙනී සිටියාය.

ස්ටීවන් ස්පීල්බර්ග්ගේ “Munich” සහ “The Hunger Games: Catching Fire,” චිත්‍රපට සදහා අය රංගනයෙන් දායකත්වය ලබාදී ඇත. තවද ඇය “Artemis & the Astronaut.” ඇතුළු කෙටි චිත්‍රපට කිහිපයකම රඟපා ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි