චීනයෙන් ආරම්භ වූ කොරෝනා වෛරසය මේ වන විට කෙයේ රටවල් පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා හේතුවෙන් මිය ගිය රා්ගීන් සංඛ්‍යාව අද වන විට 6ක් දක්වා ඉහළ ගොස් ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් පවසන්නේ කොරොනි වෛරසය මෙසේ පැතිරී යාමත් සමග ලෝකය “uncharted territory” හෙවත් සළකුණු නොකළ එනම් සීමා නිර්ණයන් නොමැති භූමියක් බවට වී ඇති බවයි.
සෑම රටක්ම වෛරසයට එරෙහිව වහා ක්‍රියාත්මක වීම සහ ප්රමුඛත්වයක් ලබා දී කටයුතු කිරීම මත පමණක් මෙම තත්ත්වය පාලනය කළ හැකි බව ඔහු පවසා සිටියි.
මේ වන විට චීනයේ පැවති බරපතල තත්ත්වය ක්‍රමයෙන් මන්දගාමී වෙමින් පැවතියද වාර්ථා වූ මරණ සංඛ්‍යාව 3000 ඉක්මවමින් තිබේ.
” අපට මෙම වෛරසය හරවා යවන්න පුළුවන්” මහන්සි වෙමු. ආචාර්ය ටෙඩ්රොස් සියළු පාලකයන් වෙත අවධාරණය කර සිටී.
ක්‍රියාත්මක වීම හැරුණු කොට වෙන මාවතක් නැත.. ඔහු පවසයි.
චීනයෙන් පිටත දරුණුතම තත්ත්වය වාර්ථා වූ ඉතාලියේ සිදුවූ මරණ සංඛ්‍යාව ඊයේ(සඳුදා) වන විට 34 සිට 52 දක්වා ඉහළ ගොස් ඇත.
ගෝලීය තත්ත්වය.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මේ වන විට ලෝකයේ රටවල් 70 ක පමණ මේ වන විට ලොව පුරා රෝගීන් 90,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්ථා වී ඇති අතර 90% වාර්ථා වන්නේ චීනයෙනි. චීනයෙන් පිටත රෝගීන් 8800 ට ආසන්න සංඛ්‍යාවක් ඊයේ වන විට වාර්ථා විය. ඉන් 81% වාර්ථා වන්නේ ඉරානය, දකුණු කොරියාව, ඉතාලිය, ජපානය යන රටවල් හතරෙනි.
ඉතාලියේ මරණ සංඛ්‍යාව සඳුදා 18 කින් ඉහළ ගොස් ඇති අතර, රෝගීන් 1,835 ක් තහවුරු වී ඇති අතර, ඉන් වැඩි ප්‍රමාණයක් උතුරේ ලොම්බාර්ඩි සහ වෙනෙටෝ ප්‍රදේශවල ය.
ඉරානය තවත් මරණ 12 ක් වාර්තා කර ඇති අතර, එම සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් තිබේ. ඔවුන් අතර එරට උත්තරීතර නායක අලි කමේනිගේ ඉහළ පෙළේ උපදේශකයෙකු වන මොහොමඩ් මිර්මෝහම්මඩි ද ඇතුළත් වන බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.
ඇමරිකාවේ තත්ත්වය සමග ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ එන්නතක් සඳහා අවශ්‍ය කටයුතු වේගවත් කරන ලෙස තමා ඖෂධ සමාගම්වලට පවසා ඇති බවයි. මේ අතර නිව්යෝර්ක් ආණ්ඩුකාර ඇන්ඩෲ කියෝමෝ අනතුරු ඇඟවූයේ වෛරසය ආසාධිත රෝගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් ඇමරිකාව තුළ වැඩි වනු ඇති බවයි.
එක්සත් රාජධානියේ තහවුරු වූ රෝගීන් 39 ක් සිටින අගමැති බොරිස් ජොන්සන් කියා සිටියේ හදිසි කෝබ්රා කමිටුවේ රැස්වීමක් පැවැත්වීමෙන් පසුව වෛරසය “ඉදිරි දින හා සති කිහිපය තුළ වඩාත් වැදගත් වීමට ඉඩ ඇති” බවයි.
අනෙකුත් වර්ධණීය තත්ත්වයන්