×

කෙරෝනා නිසා ගෙදර ඉඳන් වැඩ කරන්න – ට්විටර්, සිය කාර්ය මණ්ඩලයට කියයි

ටිවිටර් මානව සම්පත් ප්‍රධානී ජෙනිෆර් ක්‍රිස්ටි පවසන්නේ '' අපගේ ඉලක්කය වන්නේ අප අප අවට ලෝකය වෙත කොවිඩ්-19 වෛරසය පැතිරීමේ සම්භාවිතාව අඩු කිරීම මෙම ක්‍රියාමාර්ගයන්හී අරමුණ බවයි.


ටිවිටර් ආයතනයේ සේවකයන් හට කාර්යාලයට නොපැමිණ නිවසේ සිට සිය රාජකාරිය කරන ලෙස ට්විටර් ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ජැක් ඩොරෙසි විසින් සිය සේවකයන්ට දන්වා සිට ඇත.

සිය ආයතනික බ්ලොග් අඩවියෙහි සටහනක් තබමින් මෙම සමාජ මාධ්‍ය දැවැන්තයා පවසන්නේ හොංකොං, ජපානය සහ දකුණු කොරියාවේ කාර්ය මණ්ඩලය අනිවාර්යෙන්ම කාර්යාලයෙන් දුරස්ථව නිවසේ සිට සිය රාජකාරිය සිදු කළ යුතු බවයි. එමෙන්ම ටිවිටර් ආයතනය පවසන්නේ සිය ආයතනය ලොව පුරා සිටින සිය සේවකයන් 5000 සේවකයන්ට රැකියාවට නොපැමිණ සේවට කිරීමට දැඩි ලෙස දිරි ගන්වමින් සිටින බවයි.

ආයතනය මෙම තීරණය ගනු ලබන්නේ සිය සමාගම් සේවකයන් සදහා අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාරික ගමන් සහ විවිධ අවස්ථාවන් සදහා සහභාගී වීම තහනම් කිරීමෙන් දින දෙකකට පසුවයි.

ටිවිටර් මානව සම්පත් ප්‍රධානී ජෙනිෆර් ක්‍රිස්ටි පවසන්නේ ” අපගේ ඉලක්කය වන්නේ අප  අප අවට ලෝකය වෙත කොවිඩ්-19 වෛරසය පැතිරීමේ සම්භාවිතාව අඩු කිරීම මෙම ක්‍රියාමාර්ගයන්හී අරමුණ බවයි.

ට්විටර් සමාගම කලක සිට නිවසේ සිට රාජකාරී කිරීමේ අවස්ථා සංවර්ධනය කරමින් සිටින බව ද මෙම බ්ලොග් සටහන මගින් අවධාරණය කර ඇත: “මෙය අපට විශාල වෙනසක් වන අතර, අපි දැනටමත් වැඩි වැඩියෙන් දුරස්ථව බෙදී ගිය ශ්‍රම බලකායක් වෙත අවධානය යොමු කරමින් සිටිමු. අපි ගෝලීය සේවාවක් වන අතර අපි ඕනෑම කෙනෙකුට, ඕනෑම තැනක ට්විටර් හි වැඩ කිරීමට අවස්ථාව ලබා දීමට කැපවී සිටිමු.

ට්විටර් හි ප්‍රධාන විධායක ජැක් ඩෝර්සි දුරස්ථ වැඩ සඳහා දිගු කලක් සහාය පල කරන අතර ඔහු තමන් මෙම වසරේ මාස හයක් දක්වා අප්‍රිකාවේ ජීවත් වීමට සැලසුම් කර ඇති බව නොවැම්බර් මාසයේදී නිවේදනය කරන ලදී.

ෆේස්බුක් සහ ගූගල් ඇතුළු අනෙකුත් ප්‍රමුඛ තාක්‍ෂණ සමාගම් එක්සත් ජනපදයේ පවත්වන්නට නියමිතව තිබූ සිය වැඩසටහන් හා සම්මන්ත්‍රණ කල් දමා හෝ අවලංගු කර ඇත. ෆේස්බුක් හා ට්විටර් සමාගම් සිය කාර්යල ඇමරිකාවේ දකුණූ ප්‍රදේශ වලින් ඉවත් කර ඇත.

ඩබ්ලින්හි පිහිටි ගූගල් යුරෝපීය මූලස්ථානයේ කාර්ය මණ්ඩලය අඟහරුවාදා නිවසේ සිට වැඩ කරනු ඇති අතර සේවකයන් 8,000 න් වැඩි පිරිසක් බදාදා නැවත ඔවුන්ගේ කාර්යාල වෙත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි