ඩිස්නි සමාගම විසින් නිශ්පාදිත ජනප්‍රිය ෆ්රෝසන් කතාමාලාවේ දෙවැනි කොටස මෑතකදී තිරගත විණි.
එහි බ්ලූරේ/ඩීවීඩී මේ වන විට වෙළඳපොළට නිකුත් කර ඇති මුත් අන්තර්ජාල නැරඹීමට මුදා හැරීමට නියමිතව තිබුණේ එළඹෙන ජූූනි මසය.
කෙසේ වෙතත්, වත්මන් කොරෝනා වසංගතයත් සමඟ ෆ්රෝසන් 2 චිත්‍රපටය මෙම මස තුළදී ම අන්තර්ජාල නැරඹීමට මුදා හැරීමට නියමිත ය.
ඒ ඩිස්නි ප්ලස් අන්තර්ජාල රූපවාහිනිය තුළය.
ඩිස්නි සමාගම ඊයේ (13) දින නිකුත් කළ නිවේදනයකට අනුව වත්මන් කොරෝනා වසංගත තත්වයට ප්‍රතිචාර දැක්වීම සඳහා මාධ්‍ය ආයතන සාමූහිකව ගත් තීරණයක් අනුව අනුව ෆ්රෝසන් 2 චිත්‍රපටය මෙම මස තුළදී ම අන්තර්ජාලය හරහා නැරඹීමට පහසුකම් ලබා දෙනු ඇත.
ඒ අනුව ඇමරිකාවේ හෙට (15) දින සිට ෆ්රෝසන් 2 චිත්‍රපටය ඩිස්නි ප්ලස් හරහා නැරඹිය හැකිය.
එය බාල මහළු ඩිස්නි රසිකයන් සැමට සතුට ගෙන දෙන පුවතක් වනු ඇත.
වත්මන් කොරෝනා වසංගත තත්වය තුළ ලොවක් පීඩාවට පත්ව ඇති අවස්ථාවක ඩිස්නි සමාගම නිකුත් කළ නිවේදනය රසිකයන්ගේ ප්‍රසාදයට පත් ව තිබේ.
විශේෂයෙන් ලොව පුරා සිනමාහල් වසා තිබෙන වාතාවරණයක් තුළ රසිකයන් හට නිවසේ සිටම මෙම චිත්‍රපටය නැරඹීමේ අවස්ථාව මින් උදාවනු ඇත.
ෆ්රෝසන් 2 චිත්‍රපටය කැනඩාව, නෙදර්ලන්තය, ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය ආදී රටවලට එළඹෙන මාර්තු 17 වන දින සිට ඩිස්නි ප්ලස් හරහා නැරඹිය හැකිය.