×

කොරෝනා මරණ .. ඉතාලිය චීනය පසු කරයි

කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලිය තුළ මිය ගිය සමස්ත සංඛ්‍යාව 3405ක්


නව කොරෝනා වෛරසය හේතුවෙන් පැය 24ක් තුළ වාර්ථා වූ ඉහළම මරණ සංඛ්‍යාව ඊයේ ඉතාලියෙන් වාර්ථා වූ අතර එය 427ක් විය . ඒ අනුව කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලිය තුළ මිය ගිය සමස්ත සංඛ්‍යාව 3405ක් දක්වා ඉහළ යන ලදී, ඒත් සමග චීනයේ ලියාපදිංචි මරණ සංඛ්‍යාව ඉතාලිය විසින් අභිබවන ලදී,

ඉතාලිය මේ වන විට කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම වැඩිම රට බවට පත්ව ඇති අතර එරට සියළු දෛනික ක්‍රියා අඩපණ වී ඇති බව වාර්ථා වේ. ඉතාලියේ සමස්ථ ආසාදිත සංඛ්‍යාව මේ වන විට 41000කට වඩා වැඩි වී ඇති අතර ජර්මනිය, ඉරානය, ස්පාඤ්ඤයේ හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 15000ට ඉක්මවා ඇත. මරණ සංඛ්‍යාව 200කි.

එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත වලට අනුව, ගෝලීය වශයෙන් 240,000 කට වැඩි පිරිසක් මේ වන විට කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වී ඇති අතර, අවම වශයෙන් 85,000 ක් COVID-19 වලින් සුවය ලබා ඇත. 9,800 කට වැඩි පිරිසක් මියගොස් ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි