ලෝක සෞඛ්‍ය සංවිධානයට අයත් කොරෝනා වෛරස් පරීක්ෂණ සාම්පල රැගෙන යන වාහනයකට මියන්මාරයේදී ප්‍රහාරයක් එල්ල වී ඇති අතර රියදුරු මිය ගොස් රජයේ නිලධාරියෙකු බරපතල තුවාල ලබා තිබේ.
වයඹ දිග රාඛයින් ප්‍රාන්තයේ මින්බියා නගරයේදී සඳුදා එල්ල වූ ප්‍රහාරයෙන් පසු රියදුරු පයි සෝන් වින් මාං මියගිය බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කළේය. රොයිටර් පුවත් සේවය වාර්තා කළේ වාහනය වෙඩි හුවමාරුවකට මුහුණ දී ඇති බවයි.
“මියන්මාරයේ රාඛයින් දිස්ත්‍රික්කයේ සිදුවීම අතරතුර ලෝක සෞඛ්‍ය සංවිධානයට අයත් සේවකයකු මිය යාම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය දැඩි කණගාටුවට පත්වෙනවා” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අඟහරුවාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියාවේ අධ්යක්ෂ පූනම් කේත්‍රපාල් සිං සෞඛ්‍ය ශ්‍රම බලකායට එරෙහි සියලු ආකාරයේ කායික, වාචික හෝ මානසික ප්රචණ්ඩ ක්‍රියා හෙළා දකින බව කියා සිටියේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහලේකම්වරයා මියගිය අයගේ පවුලේ අයට ශෝකය ප්‍රකාශ කරන අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර ඇති අතර සිදුවීමට සම්බන්ධ අය සොයා ඔවුන්ට එරෙහිව දැඩිලෙස නීතිය ක්‍රියාත්මක කරන බව කියා සිටියේය.