×

ට්‍රම්ප් ගේ සෞඛ්‍යය තත්වය නරක අතටද? ඇමරිකානු ජනපතිවරයාගේ අවිනිශ්චිත ට්විටර් පණිවුඩය!

දේශපාලනික වශයෙන් ඇතමෙකුට මෙය තළු මැරීමට රසවත් පුවතක් වූව ද, පුද්ගලයකු රෝගාතුර වීම මත ඔහුගේ විනාශය පැතීමට අප කිසිවිටකත් සාහසික නොවි ය යුතුය.


ඊයේ (02) දින කා අතරත් කතා බහට ලක්වූ ප්‍රධානතම මාතෘකාව බවට පත් වූයේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලේනියා ට්‍රම්ප් හට කොවිඩ් 19 ආසාදනය වූ පුවත යි.

දේශපාලනික වශයෙන් ඇතමෙකුට මෙය තළු මැරීමට රසවත් පුවතක් වූව ද, පුද්ගලයකු රෝගාතුර වීම මත ඔහුගේ විනාශය පැතීමට අප කිසිවිටකත් සාහසික නොවි ය යුතුය.

කෙසේවෙතත්, බොහෝ විශ්ලේෂකයින් ගේ මතය වූයේ ජනාධිපතිවරණ උණුසුම මැද රිපබ්ලිකන් නායකවරයා මෙසේ රෝගාතුර වීම ඇමරිකා එක්සත් ජනපදයේ සීඝ්‍ර ලෙස ව්‍යාප්ත වූ කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කිරීමෙහි අසමත්භාවය මුලසුන තුළම ඔප්පු වී ඇති බවත්, එක්සත් ජනපදය තුළ කොවිඩ් වසංගතය පැතිර යාම පිළිබඳ ට්‍රම්ප් මහතා මුල සිටම කටයුතු කළ අන්දම ආ ඒ පිළිබඳ දැරි ස්ථාවරයට එරෙහි හොඳ පාඩමක් ඔහුට උගන්වනු ඇති බවය.

මීට ඉහත ට්‍රම්ප් මහතා ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට හැරී ඇති බවත් ඒ මහතා රෝහල් ගත කළ බවත් විවිධ පුවත් වාර්තා වී තිබිණි.

මීට පැය කිහිපයකට පෙර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිය නිල ට්විටර් ගිණුමේ පළ කර තිබුණේ මෙවැන්නකි.

හොඳින් සිටිනවා, යැයි මා සිතනවා! ඔබ සැමට ස්තූතියි. ආදරෙයි!!! (Going welI, I think! Thank you to all. LOVE!!!)

ඇමරිකානු ජනපතිවරයා ගේ මෙම ට්විටර් පණිවුඩය ට්විටර් ජාලය උණුසුම්කරවීමට සමත් වූවා කිවහොත් නිවැරදිය. මෙම පණිවුඩය සමඟ ලැබී තිබෙන ප්‍රතිචාර දෙස බැලීමෙන් එය පසක් වේ.

මීට හේතුව වන්නේ, වචන භාවිතය සහ දේශපාලන මතවාදය ප්‍රකාශ කිරීම අතින් කවදත් ටිවිටර් වීරයකු ලෙස ජනප්‍රිය ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිය සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අවිනිශ්චිතභාවය හැඟවෙන පරිදි මා සිතනවා! (I think!) යනුවෙන් සඳහන් කිරීමයි.

ට්විටර් විශ්ලේෂකයින් හා ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ මෙය ට්‍රම්ප් මහතා හට වූවද අතිශයින් අසාමාන්‍ය වචන යෙදුමක් බවයි.

මීට හේතුව ඔහු කිසිදිනක සිය ට්විටර් ගිණුම හරහා තමා ට අදාළ යම් කරුණක් කෙරේ මා සිතනවා යනුවෙන් පණිවිඩ නිකුත් කර නොමැති වීමයි.

මෙම ට්විටර් පණිවුඩය දැකීම තුළ ට්‍රම්ප් මහතා ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීමට ලක්ව ඇති බවත්, ඔහුගේ තත්ත්වය අසාද්‍ය වී ඇති බවත්, පූර්ව නිගමනයකට එළඹීම සුදුසු නොවේ.

එහෙත්, ට්‍රම්ප් ගේ ට්විටර් පණිවුඩය ට්‍රම්ප් විරෝධීන් හා ට්‍රම්ප් සහායකයින් යන දෙපිරිස ම විශ්මය නැමති චිත්තවේගයේ අන්ත දෙකක සසල කරවීමකට සමත් ව තිබේ කිවහොත් නම් වඩා නිවැරදි ය.  



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි