×

ඔක්ස්ෆර්ඩ් කෝවිඩ් වැක්සිනය 90%ක් සාර්ථකයි – ලබන වසර ඇතුළත එන්නත් මාත්‍රා බිලියන 3 ක් !

මේ වන විට අවසන් පර්යේෂණ අදියරේ පවතින ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් නිපදවා තිබෙන කෝවිඩ්-19 වැක්සීනය 90%ක සාර්ථකත්වයක් දක්වා ඇත.


මේ අනුව කොරෝනා වෛරසය හේතුවෙන් හටගන්නා කෝවිඩ්-19 ගෝලීය වසංගතය සමනය කිරීම සඳහා දැනට නිපදවෙමින් තිබෙන වැක්සින සියල්ල අතරින් වඩාත්ම සාර්ථක මුල් පෙළේ වැක්සිනය බවට මෙය පත් වේ.

මේ බව විශාල සහභාගිත්වයක් සහිත සායනික පරීක්ෂණවලින් ද තහවුරු වී ඇත. ඒ අනුව මෙම වැක්සිනය සමත් වෙමින් සිටින්නේ, ජනතාවට ලබාදීම සඳහා සමත් විය යුතු අවසන් පියවර වේ.

මීට පෙර අතුරු ප්‍රතිඵලවලින් 70%ක සාර්ථකත්වයක් පෙන්නුම් කළද මෙවර 90%ක සාර්ථකත්වයක් පෙන්නුම් කිරීමත් සමග මුළු ලෝකයේම අවධානය ඒ වෙත යොමු වී තිබේ.

ඇස්ට්‍රා සෙනීකා සමාගම සමග එක්ව නිෂ්පාදනය කරන මෙම ඔක්ස්ෆර්ඩ් කෝවිඩ් වැක්සිනයේ තිබෙන අනෙකුත් ප්‍රතිලාභ වන්නේ සෙසු එන්නත්වලට සාපේක්ෂව එය මිලෙන් අඩු වීමයි. තවද මීට පෙර 95%ක සාර්ථකත්වයක් පෙන්වා තිබූ ෆයිසර් සහ ඇමරිකාවේ මොඩර්නා එන්නතට වඩා පහසුවෙන් මෙය ගබඩා කර තබාගත හැකිය. එනම්, සාමාන්‍ය උෂ්ණත්වය යටතේ ශීතකරණයක දිගු කාලයක් තබාගත හැකිය.

ඖෂධ නියාමකයන් විසින් සනාථ කිරීමෙන් අනතුරුව මෙම එන්නත මහා පරිමාණයෙන් රෝගී ජනතාව වෙත බෙදාහැරීම ආරම්භ වනු ඇත.

බ්‍රිතාන්‍ය රජය විසින් දැනටම්ත මෙම ඔක්ස්ෆර්ඩ් එන්නතෙන් මාත්‍රා මිලියන 100 ක් ඇණවුම් කර තිබේ.

ලබන වසර ඇතුළත මෙම එන්නතෙන් මාත්‍රා බිලියන 3 ක් ලොවට බෙදා හැරීමට මේ වන විට කටයුතු සූදානම් වෙමින් පවතියි.

මීට පෙර අප වාර්තා කළ පරිදි, මෙම වැක්සිනයේ පර්යේෂණ කටයුතුවල මූලිකත්වය උසුළන්නේ ශ්‍රී ලංකාවේ උපත ලැබූ මහේෂි සමරනායක රාමසාමි වෛද්‍ය පර්යේෂිකාව විසිනි.

පෙර ලිපිය

ඔක්ස්ෆර්ඩ් කෝවිඩ් වැක්සිනයේ පුරෝගාමිනිය – ලංකාවේ උපන් මහේෂි රාමසාමි

ඔක්ස්ෆර්ඩ් කෝවිඩ් වැක්සිනයේ පුරෝගාමිනිය – ශ්‍රී ලංකාවේ උපන් මහේෂි එන්. රාමසාමි

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි