ආසියාවේ ධනවත්ම මිනිසා ලෙස විරුදාවලි ලත් මුකේෂ් අම්බානි එම සිහසුනෙන් බිමට අද දැමූ තනි වෘකයකු පිලිබඳ පුවතක් වාර්තා වේ.
ඔහු නමින් සොන්ග් ශන්ෂන් ය.
බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකය ට (Bloomberg Billionaires Index) අනුව, චීන ජාතික ෂන්ෂන් ගේ ආදායම ඇ.ඩො. බිලියන 77.8 කි.
2020 වර්ෂය තුළ පමණක් ෂන්ෂන් ඉපයූ ආදායම ඇ.ඩො. බිලියන 7 ලෙස වාර්තා වන අතර, තම ආදායම් වාර්තා තුළින් ඉන්දියාවේ මුකේෂ් අම්බානි සහ චීනයේ ජැක් මා යන ව්‍යාපාරිකයින් අභිබවා පැමිණීමට ෂන්ෂන් සමත් ව තිබේ.
ෂන්ෂන් තම ජීවිතය ආරම්භ කර තිබෙන්නේ මාධ්‍යවේදියකු, හතු වෙළෙන්දකු සහ සෞඛ්‍ය සේවකයකු ලෙසිනි. තනි වෘකයා (lone wolf) යනු ඔහුට පටබැඳි අන්වර්ත නාමයයි.
එම අන්වර්ත නාමය මනාව ගැළපෙන බවට ෂන්ෂන් සිය ක්‍රියාව තුළින් ඔප්පු කොට තිබේ.
Beijing Wantai Biological නම් එන්නත් නිශ්පාදන සමාගමේ හිමිකරු ෂන්ෂන් ය. ඔහු සිය ව්‍යාපාරයේ කොටස් පසුගිය අප්‍රෙල් මස චීන කොටස් වෙළඳපළ තුළට ඇතුළු කිරීමට සමත් වන ලදී.
Nongfu Spring නම් වතුර බෝතල් නිශ්පාදන සමාගමේ හිමිකරු ද ඔහු ය. චීන කොටස් වෙළඳපළ තුළ ෂන්ෂන් පෙන්වූ අද්විතීය හැකියාවෙන් තෙමසකට පසු හොංකොං වෙළඳපළට තම වතුර බෝතල් සමාගමේ කොටස් ඇතුළු කිරීමට ද ඔහු සමත් වේ.
මෙම සාර්ථකත්වය හමුවේ අලිබබා සමාගමේ නිර්මාතෘ ජැක් මා ගේ ව්‍යාපාරය අභිබවා යාමට ෂන්ෂන් සමත් ව තිබේ.
ජැක් මා යනු ඉන්දියානු ව්‍යාපාරික මුකේෂ් අම්බානි ට පෙර ආසියාවේ ධනවත් ම ව්‍යාපාරිකයා ලෙස විරුදාවලි ලැබූ පුද්ගලයා යි.
ඉන්දියානු ව්‍යාපාරික මුකේෂ් අම්බානි ගේ ආදායම ඇ.ඩො. බිලියන 18.3 සිට 76.9 දක්වා ඉහළ යාමෙන් ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත් ව තිබිණි. ඒ සිය Reliance Industries නම් සමාගම විද්‍යුත්-වාණිජ සහ තාක්ෂණික නිශ්පාදන සමාගමක් බවට පත් කිරීමත් සමඟ ය.
කෙසේ වෙතත්, ෂන්ෂන් ඉපයූ ඇ.ඩො. බිලියන 77.8 ද සමඟ අම්බානි ගේ වාර්තා ව බිඳ දැමීමට ෂන්ෂන් සමත් ව තිබේ.
වර්තමානය වන විට ෂන්ෂන් ගේ එන්නත් සමාගම වන Beijing Wantai Biological හි කොටස් හොංකොං කොටස් වෙළඳපළේ 2000% කින් ඉහළ නංවා ගැනීමට ඔහු සමත් ව තිබේ.
එමෙන්ම කොවිඩ්-19 උවදුර හමුවේ එන්නතක් නිශ්පාදනය කරන සමාගම් අතරද Beijing Wantai Biological සිටියි.