ඉන්දීය රජය විසින් සම්මත කරගෙන තිබෙන නව කෘෂිකාර්මික පනත්වලට එරෙහිව අඛණ්ඩව ඉන්දීය ගොවියන් අඛණ්ඩව විරෝධයන් පවත්වාගෙන යාමට තීරණය කර තිබේ.
ඊයේ (27) දිනට යෙදී තිබුණු එරට ජන රජ දිනයට සමගාමීව එම විරෝධතා උත්සන්න වී තිබුණු අතර නවදිල්ලියේ සුප්‍රකට රතුබලකොටුව ආක්‍රමණය කළ ගොවියන් හා පොලීසිය අතර දරුණු ගැටුම් ඇතිව තිබුණි.
එම ගැටුම්වලින් එක් පුද්ගලයෙකු මිය ගිය ගොස් ඇති පොලිස් නිලධාරීන් 80කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්.
මෙම ගොවි විරෝධතාවලට ට්‍රැක්ටර් රථ එක්කරගැනීමට ද පොලීසිය අවසර දී තිබුණු අතර පොලීසිය ගොවි වෘත්තීය සමිති නායකයින්ට චෝදනා කර තිබුණේ විරෝධතාවේ යෙදෙන මාර්ග වෙනස කර රතු බලකොටුව දෙසට ගමන් කිරීමට ගොවියන් පෙළඹු වූ බවයි.
කෙසේවෙතත් විවිධ වූ පහර දීම්,පීඩන මැද ගොවියන් සිය අයිතිය වෙනුවෙන් අඛන්ඩව පෙනී සිටින බවයි එම විරෝධතාවලින් පෙන්නුම්කරමින් තිබෙන්නේ.
මෙම විරෝධතාවලට ට්‍රැක්ටර් ලක්ෂ 2ක් පමණ එක් කර තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.
රතු බලකොටුව ආක්‍රමණයට දායක වූ ගොවියන් 200ක් පමණ මේ වන විට අත්අඩංගුවට පත්ව සිටියි.
ASK for LNW