මෙහි ප්‍රතිඵලයක් ලෙසට මාස 8 ක දරුණු සටන්වලින් පසුව කැරළිකරුවන් විසින් ටිග්රේ පළාතේ පාලනය තහවුරු කරගෙන තිබේ.
ඉතියෝපියානු ආණ්ඩුව ටිග්රේ පළාත තමන්ට අහිමි වූ බව පවසන්නේ නැත. එහි අදහස, අනාගතයේදී යළිත් යුද්ධයක් ඇති විය හැකි බවයි. එනම්, ටිග්රේ ජනතා විමුක්ති පෙරමුණ (TPLF) මර්දනය කිරීම තවමත් නතර වී නැති බවයි.
නමුත් ජනතාව ජය ඝෝෂා නගති. අවම වශයෙන් සාගින්නේ මිය යාම ඊයේ පටන් අඩු වනු ඇත. මෙම සටන් විරාමය ජාත්‍යන්තර මාධ්‍ය විසින් හඳුන්වා දෙන්නේ ‘මානුෂීය සටන් විරාමය‘ හෙවත් “humanitarian ceasefire” යනුවෙනි.
ජගත් සංවිධාන වාර්තාවලට අනුව ටිග්රේ පළාතේ ලෝකයේ දරුණුම සාගතය නිර්මාණය වී තිබෙන්නේ මිලියන 5 ක ජනතාවක් කුසගින්නේ තබමිනි. ඒ අතරින් ද 350,000 ක් දෙනා උග්‍ර සාගතයක ගොදුරු බවට පත් ව සිටිති.
ඉතියෝපියාවේ අගමැතිවරයා නොබෙල් සාම ත්‍යාගී අභී අහ්මද් ය. 2018 අප්‍රේල් මාසයේ බලයට පත් වූ විට ඉතියෝපියාවට සාමයේ ගීතයක් ගයාවි යැයි බොහෝ දෙනා තුළ වූ බලාපොරොත්තු පසුගිය වසරේදී සුණු විසුණු වී ගියේය. ටිග්රේ යුද්ධය අවසන් කරන බවට 2020 නොවැම්බරයේදී ප්‍රතිඥා දුන් නමුත්, අවසානයේ සටන් විරාමයක් පවා ඇති කර ගන්නට ඔහුට මාස 8 ක් ගත විය. මෙහිදී සිදුව තිබුණේ, දේශපාලන ප්‍රතිසංස්කරණ ප්‍රතික්ෂේප කරමින් හමුදා කඳවුරුවලට පහර දුන් කැරළිකරුවන් මර්දනය කිරීම සඳහා ඉතියෝපියානු රජයේ හමුදාව විසින් ටිග්රේ අගනුවර ලෙස සැලකෙන මෙකෙල් නගරය අල්ලා ගැනීමයි.
ටිග්රේ පළාතේ දරුවන්ගේ ජීවිත රැක ගැනීම සඳහා විශාල මැදිහත් වීමක් සිදුකළ යුනිසෙෆ් ආයතනයේ කාර්යාලයක් ද ඉතියෝපියානු සොල්දාදුවන් විසින් මීට පෙර කොල්ල කා, එහි තිබූ චන්ද්‍රිකා උපකරණ යනාදියට හානි සිදුකර තිබිණි.
පෙර ලිපිය
ඉතියෝපියාවේ මායි කද්රා සංහාරය -නොබෙල් ත්‍යාගය දිනූ අගමැති යුධ ඒකාධිපතියෙකු බවට