චීනය, ගෝලීය බල අරගලයේ ඉදිරියෙන්ම සිටින තරගකරුවෙක් දක්වා රැගෙන එන ගමනේ ඉදිරියෙන්ම සිටි චීන කොමියුනිස්ට් පක්ෂය 2021 වසරේදී සිය ශත සංවත්සරය සමරමින් සිටී. ජූලි පළමුවනදාට යෙදෙන ඔවුන්ගේ නිල සිය වස් සැමරුමට සමගාමීව පක්ෂයේ අභිවෘද්ධියට දායක වූවන් සිහිපත් කිරීමේ අනුස්මරණ සැමරුමක් අද චීන ජනපති ෂී ජින් පින් ගේ ප්‍රධානත්වයෙන් ඇරඹුණේ බීජිංහී දීය. එහිදී ඔහු සිය ගෞරවය හා ප්‍රණාමය ටිබෙටයටත් ෂිජියැං පළාතෙහි නිළධාරීන්ටත් පුදකරන සිටින ලදී. චීනයේ ෂිජියැං යනු එක්සත් ජාතීන් විසින් පෙන්වා දෙන පරිදි මිලියනයකට අධික මුස්ලිම් උයිගර්වරුන් රදවා සිටින කදවුරු පිහිටා ඇති ප්රදේශයයි.
1921 වසරේ ජූලි මස චීනයේ ෂැංහයි හීදී ආරම්භ කරන ලදි සීපීසී හෙවත් චීන කොමියුනිස්ට් පක්ෂය 1949 වසරේදී චීන කායි ෂේක් ජාතික ආණ්ඩුව පෙරළා දමන්නට සමත් වූ එරට වර්ධනය වූ කොමියුනිස්ට් පක්ෂ අතරින් 21 න සියවස දක්වා බලය තහවුරු කර ගත්ප්රධානතම පක්ෂයයි. 2019 වසර වන විට චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජික සංඛ්‍යාව මිලියන 91.1ක් වූ අතර එය චීන ජනගහනයෙන් සියයට 6.6කි. කෙසේ හෝ වේවා ලෝකයෙන් හුදෙකලා වී සිටි චීනයට ලොව බලවත් ම ආර්ථිකයක් සහිත රාජ්‍යයක් බවට පත් වීමට ගත වූයේ වසර හැත්තෑවකටත් වඩා අඩු කාලයකි. ඒ සදහා පෙරමුණ ගනු ලැබූවේ චීන කොමියුනිස්ට් පක්ෂයයි.
මේ වන විටත් විවිධ ස්වරූප වලින් ලෝකයේ අහු මුලු වන සිය බලය ඉතා සූක්ෂමව හසුරවමින් සිටින චීනයේ වත්මන් පාලක කොමියුනිස්ට් පක්ෂය හමුවේ මේ වන විට දැවැන්ත අර්ථික අභියෝගයන් රැසක් මෙන්ම ජාතික උපත් අනුපාතය පහත වැටීම නිසා මුහුණ දෙමින් සිටින සමාජ අර්බුදයන්ද නැත්තේ නොවේ.
මේ සදහා වන ප්‍රධාන සැමරුම් උත්සවය ඉතා උත්කර්ෂවත් එකක් වනු ඇති බව ජාත්‍යන්තර විචාරක මතයයි.