×

මධ්‍යධරණී සිසිලේ තෝතැන්නක් වූ සිසිලි දූපත ගිනි ගනියි – උණුසුම සෙන්ටිග්‍රේඩ් අංශක 48.8 ක්!

ඉතාලියේ සිසිලි දූපතෙන් ඊයේ වාර්තා වූයේ යුරෝපයේ එදාමෙදාතුර ඉතිහාසයේ වැඩිම උෂ්ණත්වයයි.


48.8C (119.8F) ලෙස සටහන් වූ මෙම දරාගත නොහැකි උණුසුම, ලෝක කාලගුණික විද්‍යා සංගමය (WMO) විසින් වාර්තා පොත්වලට ඇතුළත් කරනු ඇති.

1977 වසරේ ග්‍රීසියේ ඇතන්ස් නුවරින් වාර්තා වූ සෙන්ටිග්‍රේඩ් අංශක 48 හැරුණු විට යුරෝපය කිසිදාක මෙතරම් රත් වී නැත.

අප්‍රිකාවේ සිට හමා ආ ඇන්ටිසයික්ලෝන් හෙවත් ‘ප්‍රතිසුළිසුළඟක්‘ හේතුවෙන් ඉතාලිය පුරාම පැතිර ගිය තාප තරංගය (හීට් වේව්) මෙම අසාමාන්‍ය උණුසුම ඉහළ යාමට හේතුවයි.

වායුගෝලය තුනී වූ විට මෙම ප්‍රති සුළිසුළං සංසිද්ධිය හටගනියි. සාමාන්‍ය යෙන් වායුගෝලය මෙසේ තුනී වන්නේ ඉහළ වායුගෝලීය පීඩනයක් පවතින විට ය.

අප්‍රිකාවේ සිට හමා ආ මෙම විනාශකාරී සුළි කුණාටුව නම් කර තිබුණේ ‘ලුසිෆර්‘ ලෙස ය.

අවදානම තවම අවසන් නැත

අගෝස්තු 15 වැනිදා පටන් මෙම දරාගත නොහැකි උණුසුම හේතුවෙන් ඇති වන සෞඛ්‍ය ගැටළු තීරණාත්මක ලෙස ඉහළ යා හැකි බවට ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවා තිබේ.

උග්‍ර තාප තරංගය පැතිර යන විට වියළි පොළොව සහ කැලෑ ගිනි ගැනීම හේතුවෙන් ඉතාලියේ සිසිලි දූපත සහමුලින්ම පාහේ විනාශ වී තිබේ. පුරා පැය 12 ක කාලයක් ඉතාලි ගිනි නිවන භටයෝ මෙම ගිනි මර්දනය කිරීමට වෙහෙස දැරූහ. ගිනි ගැනීමෙන් සිදුවූ මරණ ගණන 3 ක් පමණක් වුවත්, ඒ ආශ්‍රිතව ඇතිවූ සෞඛ්‍යමය ගැටළුවල පරිමාණය තවමත් කිසිවෙකු දන්නේ නැත.

මේ වන විට දේශගුණික වෙනස්කම්, ගෝලීය වසංගතය සමග එක්ව දිගට හරහට මනුෂ්‍ය පැවැත්මට පහර දෙමින් තිබේ. අන්තර්ආණ්ඩු දේශගුණික කමිටුව (Intergovernmental Panel on Climate Change- IPCC) මේ වන විට කියා තිබෙන්නේ ‘‘මානව සංහතියේ රක්ත කේතය‘ දේශගුණික විපර්යාසය බවයි. මේ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි