සුඩාන අගමැති අබ්දල්ලා හැම්ඩොක් ඇතුළු නිවාස අඩස්සියට සහ අත්අඩංගුවට ගෙන තිබෙන සිවිල් නායකයන් නිදහස් කළ යුතු බව ද ඇමරිකාව කියා සිටියි.
ඇමරිකානු රාජ්ය ලේකම් ඇන්තනී බ්ලින්කින් ට්විටර් සටහනක් මගින් මෙසේ ද කියා ඇත.
‘‘ආරක්ෂක හමුදා විසින් සුඩානයේ සංක්රාන්ති ආණ්ඩුව විසුරුවා හැරීම ඇමරිකා එක්සත් ජනපදය හෙළා දකියි.‘‘
ඇතැම් වාර්තාවකට අනුව බලය අල්ලාගැනීමෙන් පසුව රට තුළ ඇති වූ ප්රචණ්ඩකාරී තත්වයේදී පුද්ගලයන් 8 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ.
මේ අතර, ඇමරිකාව විසින් සුඩාන ආණ්ඩුවට ලබාදීමට නියමිත ව තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 700 ක සෘජු ආධාර ද නතර කර දමා තිබේ.
ජගත් සංවිධානය ද සුඩානයෙන් ඉල්ලා සිටින්නේ අගමැති සහ සිවිල් නායකයන් වහාම නිදහස් කරන ලෙස ය.
අද දිනයේ සුඩානය සම්බන්ධයෙන් අනුගමනය කරන ඉදිරි පියවර පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලය හදිසි සැසියක් ද පැවැත්වීමට නියමිත ය.
පෙර ලිපිය