×

මම හොඳින් ‘ බයිසිකලයෙන් වැටුණු බයිඩන් කියයි. (VIDEO)

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඩෙලවෙයාර් හි රෙහොබොත් බීච් හි පිහිටි ඔහුගේ නිවාඩු නිවහන වෙත ඊයේ දින(18) බයිසිකල් සවාරියක් යන අතරතුර වාර්තාකරුවන් සහ නරඹන්නන් විශාල පිරිසක් ඉදිරියේ බයිසිකලයෙන් බැසීමට උත්සහ කරන විට මෙලෙස අනතුරට පත්ව ඇත. එතැනනට රැස්වූ පිරිසට ජනාධිපතිවරයා කියා සිටියේ ”මම හොඳින්” බවයි. තම පාදය ඇගිලි ක්ලිප් එකක පැටලී ඇති බවත්, එය නැවැත්වීමෙන් පසු […]


ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඩෙලවෙයාර් හි රෙහොබොත් බීච් හි පිහිටි ඔහුගේ නිවාඩු නිවහන වෙත ඊයේ දින(18) බයිසිකල් සවාරියක් යන අතරතුර වාර්තාකරුවන් සහ නරඹන්නන් විශාල පිරිසක් ඉදිරියේ බයිසිකලයෙන් බැසීමට උත්සහ කරන විට මෙලෙස අනතුරට පත්ව ඇත.

එතැනනට රැස්වූ පිරිසට ජනාධිපතිවරයා කියා සිටියේ ”මම හොඳින්” බවයි. තම පාදය ඇගිලි ක්ලිප් එකක පැටලී ඇති බවත්, එය නැවැත්වීමෙන් පසු පෙරළුණු බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නට විය. අනතුරුව ඩෙලවෙයාර්හි තුවක්කු නීති සම්පාදනයේ ප්‍රගතිය, හා තවත් ප්‍රශ්න කිහිපයකට මාධ්‍ය වේදීන් වෙත අදහස් දක්වා ඇත.

79 හැවිරිදි ජෝ බයිඩන් මහතා සහ ජනාධිපති ආර්යාව වන ජිල් බයිඩන් සති අන්තයේ බයිසිකල් සවාරියාම විනෝදාංශයක් කරගෙන ඇති අතර (17) සිකුරාදා ඔවුන් ඔවුන්ගේ 45 වැනි විවාහ සංවත්සරය සමරා තිබේ.

දීප්තිමත් නිල් සපත්තු, අළු ටී ෂර්ටය, නාවික හමුදා කොට කලිසමක් සහ සුදු හිස්වැස්මක් පැළඳ සිටි බයිඩන් නැවතත් ඔහුගේ බයිසිකලයට ගොඩ වී “හොඳයි යාලුවනේ, හමුවෙමු,”ලෙස ප්‍රකාශ කර නික්ම යන වීඩියෝව ඉතා වේගයෙන් ලෝකය පුරා හුවමාරු වෙමින් පවතියි.

බයිඩන් සුවෙන් පසුවන බවත්, වෛද්‍ය ප්‍රතිකාර අනවශ්‍ය බවත්, ඉදිරි දින කිහිපය පවුලේ අය සමඟ ගත කිරීමට බලාපොරොත්තු වන බවත් ධවල මන්දිරය මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි