මියන්මාරයේ සිටි රාජ්‍ය නායිකාව වන 77 හැවිරිදි නොබෙල් ත්‍යාග ලාභිණිය වන අවුන් සාන් සුකි හුදකලා සිර කුටියකට යවා තිබේ.
2021 වසරේදී ඇය මෙලෙස හමුදා අත්අඩංගුවට පත් වුයේ සුකී සහ ඇගේ පාලක පක්ෂයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් රඳවා ගැනීමෙන් පසු මියන්මාරයේ හමුදාව බලය අත්පත් කර ගැනීමත් සමඟය.
අත්අඩංගුවට ගැනීමේන් අනතුරුව අගනුවර හෙළි නොකල ස්ථානයක ඇය රඳවා තබා ගනු ලැබීය. රට තුළ ඉතා ජනප්‍රියව සිටින සූ කී බන්ධනාගාරය තුළ පිහිටුවා ඇති විශේෂ උසාවියේ නඩු විභාගවලට සහභාගි වනු ඇතැයි විශ්වාස කෙරේ. ඇයට වසර 11 සිර දඬුවම් නියම වී ඇත. සුකී සමඟ 14000ක් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත. කුමන්ත්‍රණය සිදුවූයේ සුකී මහත්මියගේ ප්රජාතන්ත්රවාදය සඳහා වූ ජාතික ලීගය (එන්එල්ඩී) මහ මැතිවරණයෙන් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමෙන් මාස කිහිපයකට පසුවය.
ඇය මේ වන විට නඩු විභාග කිහිපයකදී වරදකරු කර ඇති චෝදනා අතරට උසිගැන්වීම, දූෂණය, කොවිඩ් නීති කඩ කිරීම සහ විදුලි සංදේශ නීතිය කඩ කිරීම ඇතුළත් වේ.තවත් නඩු විභාග බලා සිටින අතර, ඇයගේ ජීවිත කාලය පුරාම ඇයව අත්අඩංගුවේ තබා ගැනීමට සැලසුම් කර ඇති බවට හමුදාවට චෝදනා එල්ල වේ.
“අපි දකින්නේ මියන්මාර ජුන්ටාව අවුන්සාන් සුකී දෙසට වඩාත් දණ්ඩනීය අවධියකට ගමන් කිරීමයි,” ලෙසයි හියුමන් රයිට්ස් වොච් හි නියෝජ්‍ය ආසියානු අධ්යක්ෂ ෆිල් රොබට්සන් BBC වෙත පවසා තිබුණේ.
මේ වන විට හමුදාවට එරෙහි විරෝධය පුලුල්ව පැතිර ඇති අතර රටේ සමහර ප්‍රදේශ සන්නද්ධ ගැටුම්වල ගිලී ඇත.
සශිකලා මධුෂාණී_