එළිසබත් ස්ට්‍රස් පසුගිය දා බ්‍රිස්බේන් නගරයට දකුණින් පිහිටි නිවසකදී මිය ගියේය. එයට හේතු වූයේ ඇගේ දෙමාපියන් විසින් පළමු වර්ගයේ දියවැඩියා රෝගියෙකු වූ ඇයට සතියකට ආසන්න කාලයක් ඉන්සියුලින් ලබා නොදීමයි. මේ හේතුව නිසා ඇගේ දෙමාපියන්ට මිනීමැරුම්, වධහිංසා පැමිණවීම සහ ජීවන අවශ්‍යතා සැපයීමට අපොහොසත් වීම යන චෝදනා මත මේ වන විට අත්අඩංගුවේ පසුවේ.
ඇගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරෙන බව දැන සිටි නමුත් ඒ වෙනුවෙන් උපකාර පැතුවේ නැතැයි ක්වීන්ස්ලන්ත පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. මේ මරණය සම්බන්ධයෙන් වයස අවුරුදු 19 ත් 64 ත් අතර පුද්ගලයින් 12 දෙනෙකුට නඩු පවරන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
ඇගේ දෙමාපියන් වන ජේසන් සහ කෙරී ස්ට්රූස් ටූවෝම්බා නගරයේ කුඩා, දැඩි ආගමික කණ්ඩායමක සාමාජිකයන් වේ. ඔවුන් එළිසබත් අසාධ්‍ය තත්වයේ පසුවන විට කර ඇත්තේ ඇයට සුවය පතා යාඥා කිරීමයි. ඔවුන් දරුවා මිය ගොස් දිනකට පසු බලධාරීන් කැඳවා නැත. රහස් පරීක්ෂක වැඩබලන අධිකාරී ගැරී වොට්ස් පවසා ඇත්තේ “මගේ අවුරුදු 40 ක පොලිස් සේවයේ මම කවදාවත් මේ වගේ ප්‍රශ්නයකට මුහුණ දීලා නැහැ,” යනුවෙනි.
අද දින (05) අත්අඩංගුවට ගෙන ඇති 12 දෙනා බදාදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ක්වීන්ස්ලන්ත පොලිසිය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.
සශිකලා මධුෂාණී_