×

ග්‍රීසියේ බරපතල හෙපටයිටිස් (severe acute hepatitis) ආශ්‍රිත පළමු ළදරු මරණය වාර්තා වෙයි!

ග්‍රීසියේ බරපතල හෙපටයිටිස් තත්ත්වයෙන් මියගිය පළමු ළදරු මරණය වාර්තා වී තිබේ.


ග්‍රීසියේ බරපතල හෙපටයිටිස් තත්ත්වයෙන් මියගිය පළමු ළදරු මරණය වාර්තා වී තිබේ.

ඊයේ (06) දින ග්‍රීසියේ ජාතික සෞඛ්‍ය ඒජන්සිය වන EODY වාර්තා කළ අන්දමට, මාස 13 ක් වයසැති ළදරුවකු බරපතල උණ තත්ත්වයක් මත රෝහල් ගත කර ඇති අතර, වෛද්‍ය පරීක්ෂා වලින් තහවුරු වී තිබෙන්නේ බරපතල හෙපටයිටිස් (severe acute hepatitis) තත්ත්වය මත එම ළදරුවාගේ අක්මාව අකර්මන්‍ය වී ඇති බවත් මස්තිෂ්ක ශෝථය (cerebral edema) වැළඳී ඇති බවත් ය.

ලොව පළමු වරට කුඩා දරුවන් අතර බරපතල හෙපටයිටිස් තත්ත්වය වාර්තා වූයේ ඉකුත් අප්‍රේල් මස බ්‍රිතාන්‍යයෙන් ය. එතැන් පටන් විවිධ රටවල දරවුන් දුසිම් ගණන් මෙම රෝගයට ලක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඉකුත් ජූනි මස ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනු ලැබුවේ, රවල් තිස් තුනක බරපතල හෙපටයිටිස් තත්ත්වය හඳුනා ගැනුනු අවස්ථාවලින් 920 ක්ම දරුවන් අතර හමුවී ඇති බවයි.

මෙම සංඛ්‍යාව මැයි මස දී 270 ලෙස වාර්තා වූ අතර, ජූනි වන විට 650 කින් පමණ ඉහළ ගොස් ඇත.

මේ අතර, ග්‍රීසියේ අදාළ රෝග ලක්ෂණ මත දරුවන් 11 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර, එකී එකඳු දරුවකු හෝ විශේෂ වෛද්‍ය සේවාවන් වලට ලක්වීමට හෝ සංකූලතා ප්‍රදර්ශනය නොකළ බව ද EODY සෞඛ්‍ය ඒජන්සිය වැඩිදුරටත් වාර්තා කරයි.

ඡායාරූප: sepeap



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි