×

ඉන්දියාවේ ‘මනාල වෙළඳපොළ’ ක් ….

මනමාලියගේ පවුලට අවශ්‍ය දෑවැද්ද ගෙවිය හැකි නම්, ඔවුන් කැමති මනාලයෙකු තෝරා ගැනීම සඳහා මෙහි සාප්පු යෑමට හැකිය.


ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මධුබානී දිස්ත්‍රික්කයේ ‘මනාල වෙළඳපොළ’ක් පිළිබඳ පුවතක් වාර්තා වේ. මෙය වසර 700ක් පැරණි සම්ප්‍රදායක් බව පැවසෙන අතර අභිලාෂකාමී මනාලයන් මෙහි ප්‍රසිද්ධියේ පෙනී සිටින විට කාන්තා පාර්ෂවයේ භාරකරුවන්, සාමාන්‍යයෙන් පියා හෝ සහෝදරයා මනාලයා තෝරා ගන්නා බව කියැවේ. මනමාලියගේ පවුලට අවශ්‍ය දෑවැද්ද ගෙවිය හැකි නම්, ඔවුන් කැමති මනාලයෙකු තෝරා ගැනීම සඳහා මෙහි සාප්පු යෑමට හැකිය.

මෙහිදී දෑවැද්ද විවාහය තුළ ප්‍රධානතම සාධකයක් වේ. ඉන්ජිනේරුවන්, වෛද්‍යවරුන් සහ රජයේ සේවකයන් වැනි වෘත්තිකයන් වෙනුවෙන් මෙහි ඉහළ මිලක් නියම වේ. මනාලයාගේ වෘත්තීය කීර්තිමත් වන තරමට ඔහු වෙනුවෙන් පවතින මිල ඉහළ යයි. දෑවැද්ද ඉන්දියාවේ නීති විරෝධී වුවද, ඉහළ සමාජ පිළිගැනීමක් ඇති කරුණකි.

බිහාරයෙහි වැඩි වශයෙන් දෑවැදි මරණ සහ ඝාතන බහුලව දක්නට ලැබේ. 2020 සිට ජාතික අපරාධ වාර්තා කාර්යාංශයේ දත්ත වලට අනුව, බිහාර් දෑවැද්ද මරණ 1,000 කට වඩා වාර්තා කර ඇති අතර එය රටේ දෙවන ඉහළම අගයයි. හේ කෙසේ නමුත්, බිහාර් සහ ඊට යාබද උතුරු ප්‍රදේශ් ප්‍රාන්තය තුළ ගෙවන ලද දෑවැදිවල මුළු වටිනාකම ඩොලර් බිලියන 5 ක් පමණ වන බව ඇස්තමේන්තු කර තිබේ. දෑවැද්ද වළක්වා ගැනීම සඳහා පිරිමින් මනාලියකගේ පවුලේ අය විසින් තුවක්කු පෙන්වා විවාහ කර ගැනීමේ ක්‍රමයක්ද මෙහි දක්නට ඇති අතර, එවැනි පැහැරගැනීම් තවමත් වාර්තා වේ.

ආර්ථික ප්‍රගතිය සහ නගරවලට සංක්‍රමණය වීම බොහෝ ඉන්දියානුවන් පවුල් භූමියෙන් මුලිනුපුටා දමා ඇත. දෙමාපියන්ටද දැන් තම දරුවන්ගේ විවාහ තේරීම් සම්බන්ධයෙන් අඩු පාලනයක් ඇත. ලාභ අන්තර්ජාල ප්‍රවේශය සමඟින්, සකසන ලද ගැලපීම වැඩි වැඩියෙන් අන්තර්ජාලයට මාරු වී ඇත. ලෝකයේ විශාලතම විවාහ වෙබ් අඩවි කිහිපයක් ඉන්දියාව පැවතිය මුත් මයිතිල් බ්‍රාහ්මණයන්ට මෙම උත්සවය පූජනීය කරුණක් බව පැවසේ. එවැනි සම්ප්‍රදායන් ඉන්දියාවේ බොහෝ දුරට අතුරුදහන් වී මුත් බිහාර් හි මිතිලාන්චල් කලාපයේ කොටසක් වන මධුබානි හි ඇති සම්ප්‍රදාය නූතනත්වයෙන් නොනැසී තව දුරටත් පවතිනු දක්නට ලැබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි