මෑතක දී කරලියට ආ උණුසුම් පුවත් අතර Titanic සිනමා සිත්තමෙහි ප්‍රධාන නළු ජැක් නොහොත් ලියනාඩෝ ඩිකැප්රියෝ සහ ඇමෙරිකානු සුපිරි නිරූපිකාවක් වන ජිජී හඩිඩ් ගේ පෙම් පලහිලව්ව පිළිබඳව අප වෙබ් අඩවියෙන් මෑතක දී ගෙන එන ලදී.
එම කටකතා සහ අනෙකුත් මතවාද සපත කරමින් ඔවුන් දෙදෙනා ආදරවන්තයන්ගේ නගරය වන පැරිස්(Paris) හි එකම හෝටලයකදී දක්නට හැකි වූ බවට සමාජ මාධ්‍ය කලඹමින් පැපරාසී තොරතුරු ගලා යයි.එය පැරීසියේ පිහිටි Le Royal Monceau නම් හෝටලයි.
ජිජී එදින( සැප්තැම්බර් 29) රාත්‍රියේ Le Royal Monceau හෝටලයට පැමිණි බවත් ලියනාඩෝ අලුයම 1ට පමණ එම හෝටලයෙන් පිටව ගොස් සමාජ ශාලා වල සැරිසරමින් සිටි බවට සමාජ මාධ්‍ය වාර්තා කරයි.
ලියනාඩෝ-ජිජී පෙම් පලහිලව්ව පිළිබඳ සමාජය තුළ උණුසුම් කතාබහක් පවතින සමයක ඔවුන් ගේ මෙම කටකතා ආදිය ඇවිලෙන ගින්නට දැමූ පිඳුරු සේ ය.
Nipuni liyanage_OBT