චීනයේ Zhengzhou නගරයේ ලොව විශාලතම iPhone කර්මාන්ත ශාලාවේ කම්කරුවන් සිය ගනනක් පෙළපාලි යමින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මෙම විරෝධතාවය ක්‍රියාත්මක වන්නේ ඉහළ යන කොවිඩ් රෝගීන් හේතුවෙන් සමහර සේවකයින් සේවය හැර ගොස් ඇති හෙයින් සමාගම විසින් ත්‍යාගශීලී ප්‍රසාද දීමනා ලබා දෙන බවට පොරොන්දු වී නව සේවකයින් බඳවා ගෙන ඇති මුත්, ඔවුන්ට ලබා දිය යුත් ආධාර මේ වන තෙක් ලබා නොදීම හේතුවෙන් මෙම විරෝධතාවය පවත්වන බව විරෝධතාකරුවන් ප්‍රකාශ කර තිබේ.
මේ සම්බන්ධයෙන් නිෂ්පාදක ෆොක්ස්කොන් පැවසුවේ තවදුරටත් ප්රචණ්ඩත්වය වැලැක්වීම සඳහා කාර්ය මණ්ඩලය සහ පළාත් පාලන සමඟ කටයුතු කරන බවයි. සමාගම කියා සිටියේ සමහර සේවකයින්ට වැටුප් පිළිබඳව සැක ඇති නමුත් සමාගම කොන්ත්‍රාත්තු මත පදනම්ව වැටුප් ගෙවන බවයි.
විරෝධතාවය හේතුවෙන් කර්මාන්තශාලා පරිශ්‍රයට දැඩි පොලිස් ආරක්ෂාවක් පැවැති අතර පොලීසිය විසින් විරෝධතාකරුවන්ට පහර දී ඇත. ඒ අනුව විරෝධතා සජීවීව විකාශය කළ මාධ්යාතන පවසා තිබුණේ කම්කරුවන්ට පොලිසිය පහර දුන් බවයි.
Zhengzhou හි නිෂ්පාදනයට ඇති බාධාව හේතුවෙන් iPhone 14 මාදිලියේ අඩු ප්‍රමාණයක් වෙළඳපොළට ලබා දීමට අපේක්ෂා කරන බව මේ මස මුලදී Apple සමාගම විසින් නිවේදනය කර ඇත.
සශිකලා මධුෂාණී_