×

‘මෙම වසර තුළ ගෝලීය ආර්ථික අවපාතයක් අත ළඟ’ – ලෝක බැංකුව

එක්සත් ජනපද ප්‍රවෘත්ති ජාලය වන CBS හිදී ප්‍රකාශ කර තිබුණේ එක්සත් ජනපදය, යුරෝපා සංගමය, චීනය සියල්ලම එකවර මන්දගාමීවන බැවින් මෙම වසර ආර්ථික වශයෙන් දුෂ්කරම වසරක් වනු ඇත.


ගෝලීය ආර්ථිකය මෙම වසරේ අනතුරුදායක ලෙස ආර්ථික අවපාතයකට යනු ඇති බව ලෝක බැංකුව ඊයේ(10)දිනයේදී සිය වාර්ෂික වාර්තාවක් එළිදක්වමින් නිවේදනය කර ඇත.

මෙම වසරේ ගෝලීය වර්ධනය සඳහා වන එහි පුරෝකථනය සියයට 1.7 කින් අඩකින් පමණ අඩු කර ඇති අතර එය නිවැරදි බව ඔප්පු වුව හොත්, එය වසර 30 ක් තුළ තුන්වන දුර්වලම වාර්ෂික ව්‍යාප්තිය මෙය වනු ඇත. එනම් 2008 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් සහ 2020 දී කොවිඩ් වෛරස් වසංගතයෙන් ඇති වූ ගැඹුරු අවපාතයට පසු විශාලතම කඩා වැටීම මෙය වනු ඇත.

අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල ගනන් ඉහළ යාම, අධික පොළියටතේ ණය ලබා ගැනීම හේතුවෙන් එක්සත් ජනපදයේ මෙම වසර තුළ වර්ධනය 0.5%කින් ඉහළ යනු ඇති බව ලෝක බැංකුව පුරෝකතනය කර ඇත. මෙම වාර්තාවට අනුව COVID-19 දිගටම ඉහළ ගියහොත් හෝ යුක්රේනයේ රුසියාවේ යුද්ධය නරක අතට හැරේනම් එක්සත් ජනපදයේ සැපයුම් දාම තවදුරටත් කඩා කප්පල් විය හැක. එමෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල වර්ධනය මෙමඟින් මන්දගාමී විය හැක. ව්‍යාපාරික ආයෝජනවල දුර්වලතාවය, අධ්‍යාපනය, සෞඛ්‍යය, දරිද්‍රතාවය හා දේශගුණික විපර්යාස මෙම බිඳවැටීම් තව දුරටත් තීව්‍ර කරනු ඇත.

ලෝක බැංකුව ප්‍රකාශ කර ඇත්තේ ආර්ථික අවපාතයේ බලපෑම ලෝකයේ දුප්පතුන්ගෙන් සියයට 60ක් වෙසෙන සහරා අප්‍රිකාව වැනි ප්‍රදේශවල දුප්පත් රටවලට දැඩිලෙස බලපානු ඇති බවයි.

පසුගිය සතියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටිනා ජෝර්ජිවාද මෙවැනිම අඳුරු පුරෝකතනයක් ඉදිරිපත් කර ඇත. එනම් මේ වසරේ ලොවෙන් තුනෙන් එකක් අවපාතයකට වැටෙනු ඇති බවයි. ඇය එක්සත් ජනපද ප්‍රවෘත්ති ජාලය වන CBS හිදී ප්‍රකාශ කර තිබුණේ එක්සත් ජනපදය, යුරෝපා සංගමය, චීනය සියල්ලම එකවර මන්දගාමීවන බැවින් මෙම වසර ආර්ථික වශයෙන් දුෂ්කරම වසරක් වනු ඇති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි