ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය මඟින් ප්‍රකාශයට පත් කරන ලද රජයේ දත්ත වලට අනුව, 2022 දී චීනයේ ආර්ථිකය සියයට 3 කින් වර්ධනයව ඇති බව වාර්තා වේ. මෙය ඉතිහාසයේ දුර්වලම කාර්ය සාධනයක් බව විශ්ලේෂකයන් කරුණු දක්වා තිබේ.
හොංකොංහි ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ කාලෝස් කැසනෝවා මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, 1961න් පසු ජනගහනයේ පළමු නිල පරිහානිය සඳහා අනතුරු ඇඟවීමක් බවයි.
චීනයේ දැඩි ශූන්‍ය COVID ප්‍රතිපත්තිය හේතුවෙන් ෂැංහයි සහ ගුවැන්ෂු ඇතුළු ප්‍රධාන කාර්මික මධ්‍යස්ථානවල ආර්ථික ක්‍රියාකාරකම් අගුලු වැටීමත් සමඟ ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය වන චීනයේ ආර්ථිකයට දැඩි ලෙස පහර වැදිනි.
රට පුරා පෙර නොවූ විරූ මහජන විරෝධතාවලින් පසු බීජිනය පසුගිය මාසයේ උපාය මාර්ගයෙන් හදිසියේ වෙනස් කළ අතර වසර තුනක ජාත්‍යන්තර හුදකලාවකින් පසුව චීනය මේ මස මුලදී සිය දේශසීමා නැවත විවෘත කරනු ලැබීය.
ඒ අනුව Natixis හි ආසියා පැසිෆික් කලාපයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Alicia Garcia-Herrero පැවසුවේ මෙම වසරේ පළමු කාර්තුවේදී චීනයේ ආර්ථිකය සාමාන්‍ය වර්ධනයක් දැකීමට අපේක්ෂා කරන බවයි. එමෙන්ම ආර්ථික විද්‍යාඥ කාලෝස් කැසනෝවා විසින් 2023 වසරේදී එය 6%කින් වර්ධනය වනු ඇති බව පුරෝකතනය කර තිබේ.
සශිකලා මධුෂාණී_