×

ගුජරාට් කෝලාහලයේදී මෝදිගේ නායකත්වය ප්‍රශ්න කරන BBC චිත්‍රපටය ඉන්දියාව ප්‍රතික්ෂප කරයි.

එක්සත් රාජධානියේ විමර්ශනය පෙන්නුම් කරන්නේ මෝදි බලයේ සිටිනතාක් කල් සංහිඳියාව ඇති කළ නොහැකි වනු ඇති බවයි.


මිනිසුන් 1,000 කට වැඩි පිරිසක් මිය ගිය ගුජරාටයේ වාර්ගික කෝලහාල සමයේ බටහිර ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය පිළිබඳව එක්සත් රාජධානියේ පරීක්ෂණයක සොයාගැනීම් අළලා කරන ලද BBCහි වාර්තා චිත්‍රපටය ඉනිදීය විදේශ අමාත්‍යංශය විසින් බැහැර කර ඇති බව වාර්තා වේ.

හින්දු බැතිමතුන් රැගත් දුම්රියකට ගිනි තැබීම හේතුවෙන් 59 දෙනෙකු මරණයට පත්වීමත් සමඟ ඇරඹි කෝලහාලය හින්දු ප්‍රදේශවලින් මුස්ලිම්වරුන් පවිත්‍ර කිරීම අරමුණු කර ගනු ලැබීය. මෙහිදී විශාල වශයෙන් කාන්තාවන් දූෂණයට ලක්වූ අතර ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් පොලීසියේ මැදිහත්වීම මෝදි විසින් බලපෑම් කර නවතා දැමූ බව වාර්තා චිත්‍රපටයේ සඳහන් වේ.ඔවුන් එය සදහන් කර ඇත්තේ හින්දු අන්තවාදීන් නිහඩව දිරිමත් කිරීමකට නායකත්වය දීමක් වශයෙනි.

හින්දු ජාතිකවාදී පැරාමිලිටරි සංවිධානයක් වන Rashtriya Swayamsevak Sangh (RSS)විසින් ගුජරාට් කෝලහාලයේ ප්‍රචණ්ඩත්වය සැලසුම් කර ඇති අතර මෝදි තරුණ වියේදීම මෙම සංවිධානය හා සම්බන්ධව ඇත.

මෝදි විසින් මෙම චෝදනාව ප්‍රතික්ෂප කර ඇති මුත්, එක්සත් රාජධානියේ විමර්ශනය පෙන්නුම් කරන්නේ මෝදි බලයේ සිටිනතාක් කල් සංහිඳියාව ඇති කළ නොහැකි වනු ඇති බවයි. එමෙන්ම, 2014 සිට බලයේ සිටින මෝදි යටතේ ඉන්දියාවේ මුස්ලිම්වරුන් ප්‍රචණ්ඩත්වයට, ඝාතනයට හා නිර්ලජ්ජිත වෙනස්කම් වලට ලක්වනු ඇති බවයි.

මෙලෙස කරන ලද වෙනස්කම් අතර ඇතැම් ප්‍රදේශවල බොහෝ මුස්ලිම් කාන්තාවන් පැළඳ සිටින හිස් ආවරණයක් වන හිජාබය තහනම් කරන නීති හා මුස්ලිම් නොවන සුළු ජාතීන්ට ජාතිකත්වය ලබා දෙන පුරවැසි සංශෝධන පනත ඇතුළත් වේ.ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ අඛණ්ඩ යටත් විජිත මානසිකත්වය චිත්‍රපටයේ පැහැදිලිව පෙනෙන්නට ඇති බවයි.

ප්‍රචණ්ඩත්වය සිදු වූ අවස්ථාවේ එක්සත් රාජධානියේ විදේශ ලේකම්වරයා ලෙස කටයුතු කළ ජැක් ස්ට්‍රෝ ප්‍රකාශ කර තිබුණේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කණ්ඩායමක් ගුජරාටයට යැවූ බවත්, ඔවුන් එමඟන් ඉතා සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කළ බවත්ය. මේ සම්බන්ධයේන BBCය සඳහන් කර තිබුණේ මතුවූ කරුණු පිළිබඳව අදහස් දැක්වීමට ඉන්දීය රජයට දෙන ලද අවස්ථාව ඔවුන් විසින් එය ප්‍රතික්ෂප කළ බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි