×

විකිලීක්ස් නිර්මාතෘගේ සයිබර් සගයා අබිරහස් ලෙස අතුරුදහන්!

විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් ගේ සයිබර් විශේෂඥයා ලෙස කටයුතු කළ අර්ජෙන් කම්ෆුයිස් නෝර්වේ රාජ්‍යයේදී අබිරහස් ලෙස අතුරුදහන්


විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් ආසන්ජ් Julian Assange ගේ සයිබර් ආරක්ෂාව පිළිබඳ කටයුතු කළ  නමැති සයිබර් විශේෂඥයා මෙයට දින 11 කට පෙර නෝර්වේ රාජ්‍යයේදී අබිරහස් ලෙස අතුරුදහන් වී ඇත. මේ බව අනාවරණය වූයේ ඔහුගේ මිතුරියක සහ සයිබර්වි ආරක්ෂාව පිළිබඳ ක්‍රියාකාරිනියක විසින් තබන ලද ට්විටර් පණිවුඩයක් හේතුවෙනි.

නොර්වේ පොලිසිය මේ වන විට මේ පිළිබඳ විමර්ශන පවත්වමින් සිටියි.

View image on Twitter

View image on Twitter නමැති මෙම තැනැත්තා සයිබර් සිකියුරිටි හෙවත් සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රවීණයෙකි. ඔහු අවසාන වරට බෝඩෝ නුවර හෝටලයක නවාතැන් ගෙන සිට ඇති අතර, දුම්රියකින් වෙනත් පෙදෙසක් වෙත සංචාරය කිරීමට අදහස් කරගෙන සිටි බව ද කියැවේ. ඔහු ඒ ගමන ගියා නම්, ඒ සඳහා ගත වනුයේ පැය 10 කි. නමුත් අගෝස්තු 21 වැනිදා පටන් ඔහු ආගිය අතක් නැත. අගෝස්තු 22 වැනිදා ඔහු සිය මව් රට වන  නෙදර්ලන්තය බලා යාමට නියමිත ව සිටියේය. ඒ සඳහා ඔහු විසින් අදාළ ගුවන් ටිකට් පත ද මිලදී ගෙන සිටි බව කියැවේ. සැක පළ කෙරෙන්නේ ඔහු දුම්රිය ගමනේදී යම් අනතුරකට මුහුණ පාන්නට ඇති බවයි. විකිලීක්ස් හි නිල ට්විටර් ගිණුම ද ඔහුගේ අතුරුදන්වීම සත්‍යයක් බව තහවුරු කරයි.
View image on Twitter
අර්ජෙන් කම්ෆුයිස් “Information Security for Journalists” යනුවෙන් මාධ්‍යවේදීන්ගේ සයිබර් ආරක්ෂාව පිළිබඳ පොතක් ද ලියා තිබේ. සයිබර් ලෝකය තුළ ඔහු ට මහත් පිළිගැනීමක් ඇත. 47 හැවිරිදි මෙම සයිබර් විශේෂඥයාට සිදුවූයේ කුමක්ද යන්න තවම අබිරහසකි.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි