රැකියාව කිරීමේදී ස්ත්‍රියට සමාන අයිතිවාසිකම් හිමිවන්නේ ලෝකයේ රටවල් 6කදී පමණක් බව සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.
කාර්යාලය තුළ ස්ත්‍රී ප්‍රරුෂ සමානාත්මතාවය සුරක්ෂිත රටවල් පවතින්නේ 6ක් පමණක් බව කාන්තාව ව්‍යාපාර සහ නීතිය 2019 වාර්තාව මගින් පෙන්වා දී ඇත.
ඒ අනුව කාන්තාවන්ට පුරුෂයින් සේම සමාන අයිතිවාසිකම් සහිතව සේවය කිරීමටනම් බෙල්ජියම, ඩෙන්මාර්කය, ප්‍රංශය, ලැට්වියාව, ලක්සම්බර්ග් සහ ස්වීඩනය යන රටවල් වෙත යා යුතු බව මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත.
ලෝකයේ රටවල් 187ක තොරතුරු මත සිදු කරන ලද මෙම සමීක්ෂණය මගින් රැකියාවක නියුතු කාන්තාවන් වෙත ලැබිය යුතු අයිතිවාසිකම් 8ක් පිළිබදව අවධානය යොමු කර ඇත. විශ්‍රාම වැටුපක් හිමි කර ගැනීමේ අයිතිය, සේවා නියුක්තියට හෝ ව්‍යවසායකත්වයට ඇති අයිතිය, ආදිය ඒ අතර වෙයි. එහිදී එකී සෑඹ අයිතිවාසකමක්ම පුරුෂයන් හා සමානවම ඇති රටවල් සදහා ලකුණු 100ක් ලබා දෙන ලද අතර ලකුණු 100ම ලබා ගත් රාජ්‍යයන් ඇත්තේ 6ක් පමණි.
මෙම ලකුණු අතර දකුනු ආසියානු රටවල තත්ත්වයද ඉහළ අගයක් ගන්නා බව මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත.