×

මේ කළු කුහරයට පෘථිවිය ගිල දැමීම ඉතා සුළු දෙයකි!

මානව ඉතිහාසයේ ප්‍රථම වතාවට කළු කුහරයක් ඡායාරූපයට නගා තිබේ. එය පෘථිවිය මෙන් මිලියන 3 වාරයක් (ලක්ෂ 30 වාරයක්) විශාල ය!


කෙටියෙන් කියනවා නම් පෘථිවිය වැනි ග්‍රහලෝකයක් ගිල දැමීම එයට සුළු දෙයකි!

තාරකා විද්‍යා ඉතිහාසය පුරාම මිනිස් සිත කුතුහලයෙන් විස්මිත කරදැමූ අබිරහසක් වූයේ කළු කුහරවල පැවැත්ම ය. ඒවා ආලෝකය ගිල ගන්නා බවත්, අති දැවැන්ත ගුරුත්වාකර්ෂණ ශක්තියකින් යුක්ත බවත් අපි දැන සිටියෙමු. නමුත් කළු කුහර යනු මෙතරම් අයස්කාන්ත සහ මනස්කාන්ත දෙයක් බව අපි නොදැන සිටියෙමු.

Nikkei Asian Review
Nikkei Asian Review

මේ තිබෙන්නේ මිනිසා දුටු විශ්වයේ කළු කුහරයක ප්‍රථම ඡායාරූපයයි. මෙයට දෙදිනකට පෙර බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේදී එය එළිදක්වනු ලැබුවේ, කළු කුහර යනු හුදෙක් තාරකා විද්‍යාඥයන් විසින් සිතින් මවාගත් මනෝඅලංකාරිකයක් හෝ මනෝභ්‍රාන්තියක් නොවන බව පසක් කර දෙමිනි.

ඉතින් මෙය කළු කුහරයක් නම්, මේ පෙනෙන ආලෝකය කුමක්ද? එයින් පෙන්වා දෙන්නේ අධි තාපීය වායූන් කළු කුහරය තුළට පතිත වන ආකාරයයි. එය, අවට ඇති සියළු තාරකාවන්ට ද වඩා දීප්තියෙන් බැබළෙයි.

මස්ජිර් 87 (M87) නමැති මේ කළු කුහරය පිහිටා තිබෙන්නේ පෘථිවිය අයත් වන මන්දාකිණිය වන ක්ෂීරපථය (මිල්කි වේ) වෙතින් ආලෝක වර්ෂ 55 ක් එපිටිනි.

පෘථිවිය මෙන් මිලියන තුන් වාරයක් විශාල වුවද එය ඡායාරූපයට නැගීම නම් මිනිසාට කොහෙත්ම ලෙහෙසි වැඩක් වුණේ නැත. යෝධ සිරස් ටෙලස්කෝපයක් එ් සඳහා ම නිපදවීමට මිනිසාට සිදුවිය. එහි නම ‘ඉවෙන්ට් හොරයිසන් ටෙලස්කෝප්‘ ය. එහිදී පෘථිවියේ විවිධ ස්ථාන 8 ක සවිකළ දුරේක්ෂවල ද පිහිට පැතීමට මිනිසාට සිදුවිය.

ඉන්පසු මේ ඡායාරූපය ගැනීමට දින 5 ක් ගතවිය. මේ ඡායාරූපය විශ්ලේෂණය කර පහදා ගැනීමට වසර 2 ක් ගත විය!

ඉතින් දැන් මිනිසා අන් කවරදාටත් වඩා හොඳින්, විශ්වයේ මහා අබිරහස වන කළු කුහරය ගැන දනියි. එය මායාවක් නොවන බව ද දනියි. එසේ නම් නවතම මිනිස් අවබෝධය අනුව කළු කුහරයක් යනු කුමක්ද?

කළු කුහරයක් යනු මිය යන මහා තාරුකාවකි. එහිදී එම තාරුකාවේ බර එහි ඇතුළාන්තය තුළටම පතිත වීම වැනි සංසිද්ධියක් සිදු වේ. එවිට ක්‍රම ක්‍රමයෙන් එහි කේන්ද්‍රෙයන් හටගන්නා ගුරුත්වාකර්ෂණ බලය ප්‍රබල වෙයි. එය කොතරම් ප්‍රබල ද යත් ආලෝකයට පවා එයින් ගැළවීමක් නැත. ආලෝකය ගිල ගන්නා නිසාම එය කළු පැහැයෙන් දිස් වන්නට පටන් ගනියි. අවසානයේ එයින් නිර්මාණය වන්නේ මහා රික්තයක් බඳු දෙයකි. එය තමන්ට සමීප වන හැම දෙයක්ම ගිල ගන්නට පටන් ගනියි. එය ‘ගිල ගැනීමකට වඩා ‘උරා ගැනීමක්‘ යැයි ද කිව හැකිය.

තාක්ෂණික අර්ථයෙන් ගත් කල කළුකුහර ඡායාරූපගත කිරීම ඉතා අසීරු වන්නේ ද ඒවා බැලූ බැල්මට නොපෙනෙන නිසා ය. සහසක් අඳුරු රහස් සඟවා ගත් මහා විශ්වය තුළ, නිහාරිකාව තුළ ඒවා තවදුරටත් කළු වෙස්ම ගෙන සිටින නිසා ය.

අමතක නොකරන්න. කළු කුහරයකට තමන් සමීපයට එන ඕනෑම දෙයක් ගිල දමා සඟවා ගත හැකිය. ආලෝක වර්ෂ 55 ක් යනු, විශ්ව නියාමයන් අනුව මහා දුරක් නොවේ. කෙටියෙන් කියනවා නම්, අනාගත මානවයාගේ ඉරණම කුමක්දැයි කිසිවෙක් හරිහැටි නොදන්නා විපරිත විශ්වය තුළ පෘථිවිය ගිල දැමීම පවා මේ කළු කුහරයකට සුළු දෙයක් විය හැකිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි