×

ලිබියාවේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට;10,100ක් අතුරුදන් (video)

සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදුවන බැවින් මරණ සංඛ්‍යාව 20,000 දක්වා ඉහල යනු ඇති බව Dernaහි නගරාධිපති අබ්දෙල්-මොනීම් අල්-ගයිති මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.


පසුගිය සෙනසුරාදා(09) රාත්‍රියේ ලිබියාවේ උතුරු වෙරළ තීරයට ඩැනියෙල් කුණාටුව පහර දීමෙන් පසු Derna නගරයට ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් මේවන විට මියගිය සංඛ්‍යාව 11,300 දක්වා ඉහළ ගොස් ඇති අතර අතුරුදන් වුවන්ගේ සංඛ්‍යාව 11,100 දක්වා තහවුරු කරගෙන ඇති බව ජාත්‍යන්තර රතු කුරුස සහ රතු ක්‍රෙසන්ට් සමිති (IFRC) ලිබියාවේ මහලේකම් මාරි එල්-ඩ්‍රෙස් ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්‍රවෘත්ති ඒජන්සිය වෙත වාර්තා කර තිබේ.

සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදුවන බැවින් මරණ සංඛ්‍යාව 20,000 දක්වා ඉහල යනු ඇති බව Dernaහි නගරාධිපති අබ්දෙල්-මොනීම් අල්-ගයිති මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

ව්‍යසනය හේතුවෙන් මාර්ග හා යටිතල පහසුකම් සියල්ල විනාශ වී ඇති අතර ප්‍රදේශ රැසකට පූර්ණ හානි සිදු වී ඇත. බොහෝ මළ සිරුරු තවමත් සුන්බුන් යට පවතින අතර අනෙක් ඒවා මුහුදට ගසාගෙන ගොස් ඇති බව විශ්වාස කෙරේ.

මේ වන විට හමුව ඇති මළ සිරුරු සමූහ මිනීවළවල් වල මිහිදන් කිරීම ආරම්භ කර ඇති අතර මේ වනවිට 3,000කට අධික පිරිසක් මිහිදන් කර ඇත. අවම වශයෙන් පුද්ගලයින් 30,000කට පමණ පුර්ණ වශයෙන් නිවාස අහිමි වී ඇති අතර මේවන තෙක් සිදුව ඇති හානිය ගණනය කර නොමැත.

හදිසි ගංවතුර තත්වය පිළිබඳව අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ ප්‍රධානී පෙටේරි ටාලස් පවසා තිබුණේ, පූර්ව අනතුරු ඇඟවීම් සහ හදිසි කළමනාකරණ පද්ධති නිසි ලෙස ක්‍රියාත්මක වූයේ නම් බොහෝ මරණ වළක්වා ගත හැකිව තිබූ බවයි.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි