×

හොංකොං රාජ්‍යය ගත් දැඩි තීරණය!

නමුත් මෙම නීතිය මගින් සිවිල් අයිතීන් තවදුරටත් උල්ලංඝනය වනු ඇති බව විශ්වාස කෙරේ.


සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 20 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොං රාජ්‍යය විසින් විරෝධතාකරුවන්ට දැඩි දඬුවම් ලබා දෙන නීතියක් සම්මත කර තිබෙන බව වාර්තා වේ.

කෙසේ නමුත් මෙම නීතිය මගින් සිවිල් අයිතීන් තවදුරටත් උල්ලංඝනය වනු ඇති බව විශ්වාස කෙරේ.

විසිතුන්වන වගන්තිය ලෙස හඳුන්වා දී ඇති මෙය තුළින් දඬුවම් ලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට යටත් කිරීමේ හැකියාව ද ඇති කර තිබෙන අතර, චීනය විසින් මීට පෙර හදුන්වා දුන් මතභේදාත්මක විසිතුන්වෙනි වගන්තිය පුළුල් කර ඉදිරිපත් කිරීමක් ලෙස මෙය හැඳින්වේ.

කඩාකප්පල්කිරීම, ත්‍රස්තවාදයට අනුබලදීම හා විදේශ බලවේග සමඟ හවුල් වී අපරාධ සිදු කිරීම යනාදියට මෙම දඬුවම් නියම කිරීමේ හැකියාවක් පවතින අතර, හොංකොං නායක ජෝන් ලී පෙන්වා දෙන්නේ ස්වාධීන හොංකොං රාජ්‍යයක් ක්‍රියාත්මක වීම සඳහා මෙම නීති අත්‍යවශ්‍ය බවයි.

ජෝන් ලී තව දුරටත් සඳහන් කර තිබෙන්නේ, මෙය වසර විසිහයක් තිස්සේ තම රට බලා සිටි ඓතිහාසික අවස්ථාවක් බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි