×

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර, විවෘත සහ සමෘද්ධිමත් ප්‍රවේශයකින් ඇමරිකාව ඉදිරියට යනු දැකීම චීනයේ අපේක්ෂාව වන වේ.


සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා හමුවී තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි..

මෙම වසරට චීන-ඇමරිකා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය පිහිටුවීමේ 45වැනි සංවත්සරය යෙදී ඇති අතර, දෙරට හවුල්කරුවන් මිස, විරුද්ධවාදීන් නොවිය යුතු අතර අන්‍යෝන්‍ය වශයෙන් හානි සිදු නොකරමින් සහයෝගයෙන් කටයුතු කළ යුතු බව එහිදී ෂී ජින්පිං මහතා ප්‍රකාශ කර ඇති බවද වාර්තා වේ

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර, විවෘත සහ සමෘද්ධිමත් ප්‍රවේශයකින් ඇමරිකාව ඉදිරියට යනු දැකීම චීනයේ අපේක්ෂාව වන වේ.

එලෙසම ඇමරිකාව ද චීනයේ සංවර්ධනය කෙරෙහි ධනාත්මක ආකල්පයක් දරනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව චීන ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන අතර, වත්මන් ලෝකයේ පවතින සංකීර්ණ අභියෝගයන් රැසකට මුහුණ දීමේදී ඇමරිකාව හා චීනය එක්ව සහයෝගිතා පැවැත්වීමේ අවශ්‍යතාව පිළිබඳ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා එහිදී පවසා ඇත.

නව සීතල යුද්ධයක්’ඇරඹීමට ඇමරිකාව අපේක්ෂා නොකරන අතර, චීනයේ දේශපාලන ක්‍රමය වෙනස් කිරීමටත් චීනයේ සංවර්ධනය මර්දනය කිරීමටත් ඇමරිකාව උත්සාහ නොකරන බව ඔහු පවසා ඇත.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා එහිදී ප්‍රකාශ කර තිබෙන්නේ, ඇමරිකා-චීන සම්බන්ධතාවයේ විධිමත් හා ස්ථාවර වර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා අනවබෝධයන් වළකමින් වගකීමෙන් යුතුව මතභේද පාලනය කර ගනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි