×

DMITRY MEDVEDEV ගෙන් අනුකම්පා විරහිත ප්‍රකාශයක්!

මොස්කව් ප්‍රසංග ශාලාවක සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ අපරාධකරුවන් සහ සංවිධායකයින්ට අනුකම්පාවකින් තොරව දඬුවම් කළ යුතු බව ඔහු කියා සිටී.


සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 23 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ක්‍රොකස් සිටි හෝල් ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් රුසියා හිටපු ජනාධිපති දිමිත්‍රි මෙද්වෙදෙව් ( Dmitry Medvedev ) පවසන්නේ, රස්තවාදීන් අනුකම්පා විරහිතව විනාශ කළ යුතු බවයි.

මොස්කව් ප්‍රසංග ශාලාවක සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ අපරාධකරුවන් සහ සංවිධායකයින්ට අනුකම්පාවකින් තොරව දඬුවම් කළ යුතු බව ඔහු කියා සිටී.

මෙද්වෙදෙව් දැනට රුසියා ජාතික ආරක්ෂක කවුන්සිලයේ උප සභාපතිවරයා ලෙසයි කටයුතු කරන්නේ.

මෙවැනි සාහසික ක්‍රියාවක් කළ රාජ්‍ය නිලධාරීන් ඇතුළු ඊට සම්බන්ධ සියලු දෙනාම ත්‍රස්තවාදීන් ලෙස හඳුනාගෙන අනුකම්පා විරහිතව ඔවුන් විනාශ කළ යුතු බව කියා සිටී.

විශාල රැස්වීම්, ප්‍රසංග හා සාප්පු සංකීර්ණවලට යාමෙන් වලකින ලෙසට පසුගිය සතියේ ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව, රුසියාවේ පිහිටි සිය තානාපති කාර්යාලය හරහා ඇමෙරිකානුවන්ට දැනුම් දී තිබුණී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි