×

WHO වෙතින් කොලරාව සඳහා නව මුඛ එන්නතක්!

2022 වසරේදී රෝගීන් 473 000ක් වාර්තා වී තිබෙන බව පැවසේ.


සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 20 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් කොලරාව සඳහා නව මුඛ එන්නතක් පූර්ව සුදුසුකම් ලැයිස්තුවට එකතුකොට තිබෙන බව වාර්තා වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර සිටින්නේ.එම එන්නත දැනට පවතින එන්නත් වලට සමාන කාර්යක්ෂමතාවයක් තිබෙන බවත්, එන්නත් මගින් කොලරාව පැතිරීම වැලැක්වීම, සීමා කිරීම සහ පාලනය කිරීම සඳහා වේගවත්ම මැදිහත්වීම සපයන බවද පැවසේ,

සුරක්ෂිත ජලය සහ සනීපාරක්ෂාව නොමැති රටවල් තුළ මෙම සැපයුම් අවම මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර සිටින අතර, දැනට රටවල් 23 ක කොලරා රෝගීන් වාර්තා වන බවද පවසයි.

2022 වසරේදී රෝගීන් 473 000ක් වාර්තා වී තිබෙන බව පැවසේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනාවරණය කර සිටින්නේ, 2021 වසරේ සිට එම සංඛ්‍යාව මෙන් දෙගුණයක් 2023 වසර සඳහා බලපා ඇති අතර රෝගීන් 700 000 කින් තවදුරටත් වැඩිවීමක් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තුගත කර තිබෙන බව වාර්තා වන අතර, කොංගෝ, ඉතියෝපියාව, මොසැම්බික්, සෝමාලියාව, සැම්බියාව සහ සිම්බාබ්වේ වැනි රටවල් තුළ ප්‍රධාන වශයෙන් කොලරා රෝගීන් වාර්තා වන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි