×

චීනයට තවත් කොරෝනා සුළි කුණාටුවක්?

චීනයේ නිරෝධායන කටයුතු විධිමත් අන්දමින් සිදුවූවද, වෛරසය යළි ඉස එසවීමේ අවදානම පහව ගොස් නොමැති බව මින් පැහැදිලි වේ.


කොවිඩ්-19 වසංගත තත්වයේ දෙවන අදියරක් චීනය පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් පැණ නැඟී ඇති බවට තොරතුරු වාර්තා වේ.

දැනට කොරෝනා වෛරස වසංගත තත්වයේ කේන්ද්‍රස්ථානය බවට ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුනා ගෙන තිබෙන්නේ යුරෝපයයි.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයේ ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් විද්‍යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ කොවිඩ්-19 දෙවන අදියරක අවදානමින් චීනය පසුවන බවයි.

ගෝලීය වසංගතයක් (pandemic) බවට හඳුනා ගෙන ඇති කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරස ආසාදනය 1918 එච් 1 එන් 1 ඉන්ෆ්ලුවෙන්සා වසංගත තත්වයෙන් පසු හටගත් දරුණුතම ගොලීය සෞඛ්‍ය ආපදාව බවට පැවසේ.

ඉන්ෆ්ලුවෙන්සා වසංගතයෙන් මරණයට පත් පුද්ගලයන් සංඛ්‍යාව මිලියන 50 බව පැවසේ. එය සමස්ත ලෝක ජනගහනයෙන් තුනෙන් එකකට පමණ බලපෑ බව වාර්තා වී තිබිණි.

බ්‍රිතාන්‍යයේ හා එක්සත් ජනපදයේ වත්මන් තත්වය අනුව, වෛරස මර්දනය සඳහා අවම වශයෙන් සෑම පුරවැසියකුම නිවෙස් තුළ රඳවා තැබීම, සමාජ දුරස්තභාවය ඇතිකිරීම හා පවුලේ සාමාජිකයන් නිරෝධායනය සඳහා යොමු කිරීම ආදිය වැදගත් වනු ඇති බවට එම වාර්තාව විසින් පෙන්වා දෙයි.

මෙම ක්‍රියාදාමය තුළ සියළු පාසල් හා විශ්ව විද්‍යාල වසා දැමීමට සිදුවනු ඇති බවට එම වාර්තාව ප්‍රකාශ කරයි.

කොවිඩ්-19 මර්දනයට අත්හදා බලන එන්නත (ඇමරිකාව තුළ) සෑම පුද්ගලයකුටම ලබා දීමට මාස 18 ක් හෝ ඊට වැඩිකාලයක් ගතවනු ඇති බවද ඔවුහු පෙන්වා දෙති.

ඒ අනුව එන්නත ලබා දීම සිදුවන තුරු ඉහත ක්‍රියාමාර්ගය විධිමත් කිරීම කඩිනමින් සිදුවිය යුතු බව අදාල වාර්තාව පෙන්වා දෙයි.

.

චීනයට දෙවන සුළිකුණාටුවක්?

කොවිඩ්-19 ව්‍යාප්තිය තුළ අත්වූ මරණ සංඛ්‍යාව 7100 ඉක්මවූ බවට මීට ඉහත දී අප ඔබට වාර්තා කළෙමු.

ලොව පුරා පුද්ගලයින් 182,000 කට අධික පිරිසක් කොරෝනා ආසාදනයට ලක්ව ඇති බවට වාර්තා වේ.

චීනයේ සමස්ත මරණ ගණන 3300 පමණ වන අතර, 90,000 කට ආසන්න සංඛ්‍යාවක් වෛරස ආසාදනයට ලක්ව ඇති බව වාර්තා වී තිබිණි. ඉන්ද සුවවූ සංඛ්‍යාව 70,000 කට ආසන්න වෙමින් පවතී.

වෛරස ව්‍යාප්තිය කෙටි කලකින් පාලනය කිරීමට චීනය (හා දැන් දැන් දකුණු කොරියාව) සමත් වී ඇති බව සැබෑවකි.

එහෙත්, දීර්ඝ කාලීනව මෙම කර්තව්‍යය සිදුකළ හැකිද යන්න ප්‍රශ්ණාර්තය අදාල විද්‍යාල වාර්තාව තුළින් පෙන්වා දී තිබේ.

ඒ මෙම සමස්ත ක්‍රියාදාමය තුළ සමාජ හා ආර්ථික පිරිවැය සැලකිල්ලට ගනිමිනි.

චීනයේ මෙම ප්‍රගතිය ඇතිවීමත් සමඟ සියළු වැඩකටයුතු යථා තත්ත්වයට පත් කිරීමට ගත් ක්‍රියාමාර්ගය තුළ දෙවන වරටත් වෛරස අවදානමකට ලක් විය හැකි බවට අනතුරු ඇඟවීම් සිදුවී තිබේ.

චීනයේ මිලියන සංඛ්‍යාත කම්කරුවන් දැන් සිය කර්මාන්තාශා වල වැඩට යාමට පටන් ගෙන තිබේ..

හවුලේ භාවිතා කරන බොජුන් හල් වෙත නැවත නැවත පාරිභෝගිකයින් යාම සිදුවෙමින් පවතී..

තම නේවාසිකාගාර වෙත පවිසීම යළි ආරම්භ වී තිබේ…

මෙම වාතාවරණය තුළ වෛරසය දෙවන වටයක් ගැනීමට අවදානමක් නොපවතී ද?

.

කොහොමද ඒක වෙන්නේ?

ලොව දෙවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන චීනය සිය කඩා වැටීමෙන් පසු යළි නැගිටි අතර, දැන් නිශ්පාදනය යළි ඉහළ නැංවීම ආරම්භ වී තිබේ.

චීනයේ වූහාන් නගරයේ පළමු වරට වෛරසය ව්‍යාප්ත වූ බවට ආරංචි වූ පුවතත් සමඟ සියළු පාසල්, ව්‍යාපාර, හා කර්මාන්තශාලා ආදිය වසාදැමීමට පියවර ගැණිනි.

එසේ තිබියදීත් එතැන් පටන් මාස 3 ක කාලයක් ඇතුළත රටවල් 110ක් පුරා වෛරසය පැතිරීම සිදුවිය.

එසේ සිදුවූයේ කෙසේද??

චීනයේ වසංගතය අඩුවෙමින් යද්දී කර්මාන්තශාලා නැවත විවෘත වීම ආරම්භ වී තිබේ. නිෂ්පාදන කේන්ද්‍රස්ථාන වන ෂැංහයි, චොංකිං සහ ගුවැන්ඩොං, ජියැන්ග්සු සහ ෂැන්ඩොං යන පළාත්වල – නිෂ්පාදකයින්ගෙන් 90% කට වඩා වැඩි ප්‍රමාණයක් යළි ක්‍රියාත්මක වීම ආරම්භ වී තිබේ.

මේ පිළිබඳ තතු හෙළි කර තිබෙන්නේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ චීනයේ දූත මණ්ඩල හිටපු නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ෂෝ ෂියාමිං විසිනි.

චීනයේ කර්මාන්තශාලා යළි පණ ගැන්වෙනු ඇත.

ගෝලීය සැපයුම් දාමයන්ට වෛරසයේ ඇති බලපෑම අවම වනු ඇත.

වෛරසයේ බලපෑම අවම කරනු ඇත.

එහෙත් මින් චීනය අත පිසදා ගත්තාට ලොවක් පුරා වෛරසය පැතිරී හමාරය. 

ඒ අනුව චීනය තුළ මුළුමනින්ම වෛරසය තුරන් වී ගියද වෛරස ජිනෝමය ලොව වෙනත් රටතුළ සැරිසරමින් සිටී.

චීනය යථා තත්වයට පත්වීම යනු විදෙස් ශ්‍රමිකයන් ඇතුළු වැඩකරන ප්‍රජාව යළි ක්‍රියාත්මක වීමයි.

ඒ අනුව චීනයට සිය ආර්ථිකය පවත්වා ගැනීමට ජාත්‍යන්තරය හා සම්බන්ධ නොවී සිටිය නොහැකිය.

.

රට ගිය ඇත්තෝ ආපසු නිවෙස් කරා පැමිණිය යුතුය

සංක්‍රමණික චීන කම්කරුවන් මිලියන 280 ක් පමණ විදෙස් රටවල සේවයේ නිරත වේ. ඔවුන් යම් දිනක සිය නිවෙස් කරා යා යුතුය.

මේ අතර විදෙස් රටවල සංචාරය කළ චීන ජාතිකයන් යළි සිය මව්රට බලා පිටත්විය යුතුය.

චීනය තුළ සිටියදී වෛරස ආසාදනයට ලක් නොවූ මුත් ඔවුන් සැරි සැරූ අනෙත් රටවල වෛරස අවදානම ඉහළම අන්දමින් පවතී.

චීනයේ නිරෝධායන කටයුතු විධිමත් අන්දමින් සිදුවූවද, වෛරසය යළි ඉස එසවීමේ අවදානම පහව ගොස් නොමැති බව මින් පැහැදිලි වේ.

ඒ නොපෙනෙන පාරාවලල්ලක් මෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි