×

රසම රස පොටේටෝ චිප්ස් පිටුපස සැඟවුන ඉන්දියානු දරුවන්ගේ නීරස කථාව

අර්තාපල් වගාව සදහා ශ්‍රමය ලබා ගන්නා මේ කුඩා දරුවන්ගෙන් බොහෝමයක් රාජස්ථානයේ ආදිවාසී පවුල්වල දරුවන්ය


සෑම වසරකම විශේෂයෙන්ම පෙබරවාරි මාර්තු යනු රාජස්ථානයේ අරාවල්ලි කදු පංතිය හරහා පැතිරුණු මංමාවත් එකම විදිහේ ජීප් රථ වලින් පිරුණු කාලයකි..

උදේ රැයින් පෝලිමට දකුණු රාජස්ථානයේ ගම්මානවලින් ගමන් අරඹන මේ ජීප් රථ නවතින්නේ උතුරු ගුජරාටයේ කෘෂිකාර්මික ඉඩ් වලිනි.. ඉන්පසු සවස් යාමයේ ඒවා නැවතත් ගම්මාන කරා ගමන් අරඹන්නේය… ඒවා ගම්මානයට යන විට පැය ගණනාවක් ගත වන්නේ තැනින් තැන නවතමින් ඒවායේ යන පිරිස් එකිනෙකා ඔවුන්ගේ නිවෙස් අසලින් බස්සවා යා යුතු හෙයිනි.. පාසැල් යන වයසේ කුඩා දරුවන් තරුණ ගැටවරයින්ගෙන් මේ ජීප් රථ උදෑසනට පිරී යයි… හවසට බැස යන්නේද උදේන්ම ඒවාට නැගුන ඔවුන්මය…

ඔවුන් මේ යන්නේ කොහේද.. හරියට පාසැල් බසයක් මේ දරුවන් රැගෙන පාසැල් යනවාක් මෙන් මෙසේ පාසැල් වයසේ දරුවන් මෙසේ ප්‍රවාහණය කරන්නේ වගා බිමි වෙතය.. ඒවායේ පැටවිය හැකි උ රිම මගීන් සංඛ්‍යාවක් හිර කර ඇත..

උතුරු ගුජරාඨය යනු අර්තාපල් වගාව සදහා ප්‍රසිද්ධ භූමියකි. ඉන්දියාවට මෙන්ම අපනයනය සදහාද මෙහි අර්තාපල් වගා කරනු ලබයි.. ඒ කෙසේ වුවත් ඉඩම් අයිති කරුවන්ට මෙන් නොව මේ වගාව පිටු පස සිටින අන් සියල්ලන්ගේම ජීවිත ඉතා දුක්බරය.
අර්තාපල් වගාව සදහා ශමය ලබා ගන්නා මේ කුඩා දරුවන්ගෙන් බොහෝමයක් රාජස්ථානයේ ආදිවාසී පවුල්වල ළමුන්ය.. මේ වන විට ආදිවාසී දරුවන් ළමා මෙහෙකරුවන් ලෙස යොදා ගැනීම ඉඩම් හිමියන්ට ලාභදායී මෙන්ම පහසුවෙන් සපයා ගත හැකි සම්පතක් බවට පත්ව ඇත. ඔවුන්ගේ ජීවිත මෙතෙක් කල් ගෙවුණ ස්වභාවික වනාන්තර ආශ්‍රිත පරිසරනේ හිටි හැටියේ එළියට ඇද ගන්නා ඉන්දියාවේ මෙම වත්මන් කෘෂිකාර්මික ක්‍රියාවලිය පාසැල් යන වයසේ දරුවන්ව සංක්‍රමණික ශ්‍රමිකයන් බවට පත් කර ඇත.
දරුවන් අල වගාකරුවන්ට ලැබෙන්නේ කොන්ත්‍රාත් පදනම මතයි. ගම්මාන වලට ගොස් දරුවන් එකතු කරගන්නා කොන්ත්‍රාත්කරුවන් අලගොවීන්ට ඔවුන් විකුණා දමයි. ඔවුන්ව උදෑසනින් අතුරු සිදුරු නැති වාහනයකට ගාල් කර අල වගා බිම් වෙත මුදා හරින්නේ මෙම කොන්ත්‍රාත් කරුවන් විසිනි.

දරුවන් කාලයක් සේවය කළ යුත් වන්නේය. ඒ සාමාන්‍ය භූමියක නොව වසරේ වැඩි කාලපරාසයක් ඇතැම්විට වසර පුරාම වැසි බිදක් හෝ නැතිව ගිනිගත් ගුජරාඨයේ මහ පෙළොව හා ඔට්ටු වෙමිනි. කිසිදු උපකරණයක් නොමැතිව සියුමැල් අත් වලින් පෙළොව හාරා අල ගැලවීම ඔවුන්ගේ කාර්්‍යභාරයේ ප්‍රථානතම අංගයයි. දවස තිස්සේම අල උදුරා ඒවා කුඩා බේසමකට එකතු කර ගෝනි වලට දැමීම කුඩා හෙවනක්වත් නැති පෙළොවේ ඉතා වෙහෙසකර වුවද ඔවුන් එය කරන්නේ සිය දෙමාපියන්ට සහයක් වන්නටය. කුඩා බේසම් උස්සාගෙන අල ගෝනි වෙත බෙහෝ වතාවක් දිව යෑමද ඔවුන්ට උරුමය. එපමණක් නොව ලොකු අල කුඩා අල වෙන වෙනම ගෝනි ගැසිය යුතුය.

විශාල ගෝනි මළු සියල්ල පුරවා අවසන් වූ පසු ඔවුන් හා සිටින වැඩිහිටි ශ්‍රමිකයන් ඒවා හොදින් අසුරා සීල් තබති. ඉන්පසු ඔවුන් සියල්ලෝම අල ගෝනි පටවාගෙන යෑමට විශාල ට්‍රක්රථ පැමිණෙන තුරු බලා සිටින්නේ දවස තිස්සේ වෙහෙසුන තමන්ට ලැබෙන සොච්චම ලබා ගැනීමට කල් වේලාව එන තුරුය.

දවස පුරා රාජකාරියෙන් පසු ඔවුන් සාමාන්‍යයෙන් දිනකට අල කිලෝ 8000ක් පමණ රැස් කර ඇත. ඒ ඔවුන්ගේ තවමත් හරි හැටි මහපොලොව හා ඔට්ටු වන ලෙස සකස් නොවූ දෑත් වලිනි.
දවස තිස්සේම වෙහෙසුන ඔවුන් නැවත නිවෙස් වලට එන විට රාත්‍රියෙන් කොටසක් අවසන් වී ඇත. ඔවුන්ගේ නිවෙස් වලට විදුලිය නැත. ඔවුන් නිදන්නේ කුඩා පැදුරක් මතය. නිවසේ සකසා ඇති මොනවා හෝ කුසට දමා ගන්නා ඔවුන්ට නිදන්නට සිදුවන්නේ පැය කිහිපයක් පමණි. මන්ද පසුදා පාන්දරම ඔවුන් කැදවාගෙන යන්නට ජීපි රථ පැමිණෙන්නේය.

ගුජරාඨයේ අර්තාපල් වගාව සිදුවන්නේ පොටේටෝ චිප්ස් නැත්නම් බැදුපු අලපෙති ව්‍යාපාරය වෙනුවෙනි. මධ්‍යම පාන්තික ඉන්දියානුවන් අතර ඉතාමත් සුප්‍රසිද්ධ ආහාරයක් වන පොටේටෝ චිප්ස් ලංකාවට ආපනයනය කරනු ලබන්නේද බෙහෝ විට ඉන්දියාවෙනි.

ඊට අමතරව අර්තාපල් ගිතෙල් වර්ගයක් සකස් කිරීම සදහාද යොදා ගනී, වී වගාව, පරිප්පු වගාව තිරිගු වගාව ආදායට වඩා අර්තාපල් වගාව පහසුය. බෙහෝ විට වගා කරනු ලබන්නේ දෙමුහුන් බීජ හේතුවෙන් වැඩි පරිස්සමක් නැතත් ඵලදාව ලැබෙන හෙයින් මෙන්ම අඩු වියදමකින් ශමිකයන් ලබා ගත හැකි හෙයින් බෙහෝ වගා කරුවන් අන් වගාවන් අත් හැර අර්තාපල් වගාව ආරම්භ කර ඇත.

දවස තිස්සේම අල උදුරන කුඩා දරුවන්ට දවසටම ලැබෙන මුදල රුපියල් 200කි. එයින්ද රුපියල් 50ක් ඔවුන්ගේ ප්‍රවාහනයට කපා හැරෙන්නේය. ඉනික්බිතිව ඔවුන්ට හිමි වන්නේ රුපියල් 150ක මුදලකි.

අන්ත දුගී පවුල් වල මේ කුඩා වුන්ට මෙන්ම ඔවුන්ගේ දෙමවුපියන්ටද එය සෑහෙන මුදලක් යැයි ඔවුහු සිතති. ඒ නිසාම දෙමවුපියන් බෙහෝ විට දරුවන්ගේ පාසැලි ගමන නවතා ඔවුන්ව අර්තාපල් වගාබිමි වලට යවති. දරුවන් සිය සොච්චම් වැටුප ගෙන එන තෙක් සිටින බෙහෝ දෙමාපියන් පවුලේ කෑම බීම සදහා එම මුද් යොදා ගනිති. නිසි වයස එන්නටත් පෙර මේ දරුව්නට සිය පවුලේ බර කරට ගන්නට සිදුව තිබීම ඛේදවාචකයකි. දරුවන් 40ක් 50ක් සිය වාහනවල ප්‍රවාහණය කරන ජීප් රථ හිමිකරුවන් දිනකට දරුවකුගෙන් 50 බැගින් ඉන්දියානු රුපියල් 3000කට ආසන්න මුදුලක් උපයති. ඒ දරුවන්ට රුපියල් 150ක් ලැබෙන විටය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි