×

ෆයිනෑන්ෂල් එක්ස්ප්‍රස් වෙබ් අඩවියෙන් පුටින් පිළිබඳ පුදුම සහගත හෙලිදරව්වක්!

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ලොව ධනවත්ම දේශපාලනඥයා බව වාර්තා කර ඇත.


සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 22 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ෆයිනෑන්ෂල් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය විසින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ලොව ධනවත්ම දේශපාලනඥයා බව වාර්තා කර ඇත.

සඳහන් කර ඇත්තේ, ඔහුට අයත් වත්කම් වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ක් බවයි.

වැඩිදුරටත් ෆයිනෑන්ෂල් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය සඳහන් කර ඇත්තේ, එම වත්කම් අතර ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක මන්දිරයක්, ඇමෙරිකානු ඩොලර් මිලියන 716 ක ගුවන් යානයක් තිබෙන බවයි.

වෙබ් අඩවිය පෙන්වා දෙනනේ, එම මන්දිරයේ කෑම කාමරයේ තිබෙන භාණ්ඩවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5 ක් බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි