×

අධික සුළං හේතුවෙන් චීනයේ හත් දෙනෙකු මියයයි

පසුගිය වසර කිහිපය තුළ චීනය ආන්තික කාලගුණික සිදුවීම් මාලාවකට ගොදුරු විය.


සටහන: සශිකලා මධුෂාණි, අප්‍රේල් 06,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය ඉරිදා(31) සිට චීනයට බලපෑ අධික සුළං හේතුවෙන් ජියැන්ග්සි පළාතේ පුද්ගලයන් හත් දෙනෙකු මියගොස් ඇති බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

නිවාස 5,400කට වැඩි ප්‍රමාණයකට හානි සිදුවී ඇති අතර පුද්ගලයන් 313,000ක් පීඩාවට පත්ව ඇත. ඉන් පුද්ගලයන් 1,600කට පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇත.

මේ සම්බන්ධයෙන් චීනයේ රාජ්‍ය මාධ්‍යක් වන ග්ලෝබල් ටයිම්ස් වාර්තා කර තිබුණේ, චීන කාලගුණ අධිකාරිය තැඹිලි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි.

නගරයේ උස් තට්ටුවලින් වායුසමීකරණ යන්ත්‍ර ගසාගෙන ගොස් ඇති අතර ගස් 2,000 කට වැඩි ප්‍රමාණයක් පෙරළී ඇති බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන අතර පසුගිය වසර කිහිපය තුළ චීනය ආන්තික කාලගුණික සිදුවීම් මාලාවකට ගොදුරු විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි