×

ගිනි කන්දක් සක්‍රීය වීමෙන් දකුණු අයිස්ලන්තයේ හදිසි තත්ත්වයක්!

මේ වන විට අධික ලෙස එම ගිනි කන්දෙන් ලාවා විධාරනය වන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි


සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 17 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රේක්යානස් අර්ධද්වීපයේ දකුණු අයිස්ලන්තයේ ගිනි කන්දක් සක්‍රීය වීම හේතුවෙන්  හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට අධික ලෙස එම ගිනි කන්දෙන් ලාවා විධාරනය වන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ අසල පිහිටා ඇති  ග්‍රින්ඩාවික් නගරයෙහි වැසියන් සියලු දෙනා මේ වන විට ඉන් ඉවත් කර ඇති අතර,අඅයිස්ලන්තයේ වඩාත් ජනප්‍රිය සංචාරක ගමනානත්යක් වන නිල් කලපුව ප්‍රදේශයද, මේ වන විට අවධානම් කලාපයක් ලෙස නම් කර ඇතැයි, සඳහන් වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ , ගිනි කන්ද අවට ගුවන් ගමන් සඳහා මේ වන විට බාධා මතුව නැති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි