×

විෂ දුමාරය හේතුවෙන් ලාහෝරය වැසේ

කලක් සශ්‍රීක හරිතකරණය සඳහා උද්‍යාන නගරය ලෙස හැඳින්වූ ලාහෝරය දැන් මිලියන 242 ක ජනගහනයක් සහ වේගවත් නාගරීකරණය හේතුවෙන් දැඩි ලෙස දූෂිත වී ඇත.


පකිස්ථානයේ ලාහෝරය වසා පැතිරී ඇති විෂ දුමාරය හේතුවෙන් එහි පාසල්, උද්‍යාන හා වෙලඳපොලවල් දින හතරක කාලයක් වෙනුවෙන් වසා දමා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

IQAir වායු පවිතකාරක සමාගමක් ඔවුන්ගේ නවතම 2022 වාර්තාවේ වායු දුෂණය අතින් පකිස්ථානය ලෝකයේ වඩාත්ම දූෂිතම රටවලින් එකක් පකිස්ථානය ශ්‍රේණිගත ඇති අතර එම වාර්තාවම ලාහෝර් ලෝකයේ දූෂිතම නගරය ලෙස ශ්‍රේණිගත කර තිබේ.

කලක් සශ්‍රීක හරිතකරණය සඳහා උද්‍යාන නගරය ලෙස හැඳින්වූ ලාහෝරය දැන් මිලියන 242 ක ජනගහනයක් සහ වේගවත් නාගරීකරණය හේතුවෙන් දැඩි ලෙස දූෂිත වී ඇත.

ලාහෝර් හි ප්‍රධාන මායෝ රෝහලේ වෛද්‍යවරයකු වන සල්මන් කස්මි, දුමාරයෙන් ආරක්ෂා වන ලෙස වැසියන්ට දැනුවත් කිරීම් කර ඇති අතර එය හුස්ම ගැනීමේ අපහසුතා හෝ ආසාදන ඇති කළ හැකි බව පවසා තිබේ.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි