×

ඩුබායි ජලයෙන් යට වේ

ඩුබායි නගරය දිය යටට ඇද දැමූ වර්ෂාව අරාබි අර්ධද්වීපය හරහා ගමන් කරමින් ඕමාන් බොක්ක හරහා ගමන් කරන විශාල කුණාටු පද්ධතියක් සමඟ සම්බන්ධ වේ.


සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 17,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(16)දිනයේදී ඩුබායි නගරයට පැය 12 ක් තුළ අඟල් 4 (මි.මී. 100) කට ආසන්න වර්ෂාවක් පතිත වීමත් සමඟ හදිසි ගංවතුර තත්වයක් ඇතිවූ බව වාර්තා වේ.

ජිවිත හානි කිසිවක් වාර්තා නොවන අතර ඩුබායි ගුවන්තොටුපල, වෙළඳ සැල්, නිවාස ආදිය ජලයෙන් යට විය. වර්ෂාව කෙතරම් වේගයෙන් ඇද හැළුණාද යත් ගංවතුර ඉහළ ගොස් පාරවල් ගංගා බවට පත් වීමත් සමඟ ඇතැම් රියදුරන්ට තම වාහන අතහැර දැමීමට සිදු විය.

ඩුබායි – එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෙසු ප්‍රදේශ මෙන් උණුසුම් හා වියලි දේශගුණයක් ඇති අතර වර්ෂාපතනය කලාතුරකින් සිදුවන නිසා ජලය කළමනාකරණය කිරීමට යටිතල පහසුකම් නොමැත.

ඩුබායි නගරය දිය යටට ඇද දැමූ වර්ෂාව අරාබි අර්ධද්වීපය හරහා ගමන් කරමින් ඕමාන් බොක්ක හරහා ගමන් කරන විශාල කුණාටු පද්ධතියක් සමඟ සම්බන්ධ වන අතර මෙම පද්ධතියම අසල ඕමානයට සහ ගිනිකොනදිග ඉරානයට වර්ෂාව ගෙන එනු එති බවට අපේක්ෂා කෙරේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි