×

සොයුරු පෙමට කවි ගී ලියවුනා මදී!

මම ඔයාට ආදරෙයි Chizz. අවසානයේ මේ මිහිපිට ඔබට කිසිදා සොයාගත නොහැකි වූ සාමය දැන් ලබන්න පුලුවන්; දෙවියනි! මගේ කුඩා සොහොයුරාව ආරක්ෂා කරනු මැනවි!


I’m all about you, I’m all about us
No, baby, you never have to question my love…

ලොවක් පින වූ ඒ අග්‍රගන්‍යයේ හඬ, 2000 දශකයේ මුලභාගයේ සිටි ජස්ටින් බීබර් ලෙස විරුදාවලියට සුදුසුකම් ලබන ඔහු නමින් “ආරොන් චාල්ස් කාටර්” නැතහොත් ඇරන් කාටර් ය.

ඡායාරූප; BBC

1986 දෙසැම්බර් 7 වන දින උපත ලද ආරොන් ඇමරිකානු ගායකයෙකු පමණක් නොව ගීත රචකයෙකු ද විය. විසි එක්වන සියවසෙහි සිටි යෞවන සිත් සොරා ගැනීමට ඔහුගේ Aaron Carter, Aaron’s Party (Come Get It), Oh Aaron, Another Earthquake!,..ආදී ඔහුගේ ගීත ඇල්බමයන් සමත් විය. නමුත් ඔබ අප නොසිතූ පරිද්දෙන් ඔහු තරුණ වියේදීම තම දිවියට සමු දුන්නේ ඉකුත් නොවැම්බර් 05 වන දිනයි.

ලෝකයේ බොහෝ රසික රසිකාවියන්ගේ ශෝකානුකූල දුක් දොම්නස් මැඳ ඔහු ගියේ ඔහුගේ සහෝදරයාට ද “සහෝදරයා” යන වචනයට හිස් තැනක් තබමිනි. Backstreet Boys සංගීත කණ්ඩායමෙහි නික් කාටර් යනු නුපුරුදු චරිතයක් නොවන අතර ආරොන් යනු ඔහුගේ එක කුස උපන් සහෝදරයා ය. නික් ට ඇඟෙන් කෑල්ලක් ගියා යන හැඟීම ඇරන් ගේ අවසන් හුස්ම යන විටම හැගෙන්නට ඇත. ‍අවුරුදු හතක පරතරයක් තුළ නික් ඇරන්ට පියෙකුගේ හැඟීම ජනිත කරමින් තම ආදරය, සෙනෙහස තම එක සිතින් දක්වන්නට ඇත. නමුත් අද ඔහුගේ ඒ මියැලුනු මුවට සිනහවක් දීමට ඇරන් මෙලොව නැත.

ඡායාරූප; LOS ANGELES – MARCH 14: The Backstree Boys arrive for the 2019 iHeartRadio Music Awards on March 14, 2019 in Los Angeles, California. (Photo by Glenn Francis/Pacific Pro Digital Photography)
ඡායාරූප; MyRepublica

එයට කදිම නිදසුනක් නික් ඔහුගේ ඉන්ස්ටග්‍රෑමයෙහි ශෝකානුකූලව පළ කර තිබූ පෝස්ටුවෙහි දක්නට ලැබිණි.

“මගේ හදවත බිඳී ඇත. මගේ සහෝදරයා සහ මම අතර සංකීර්ණ සම්බන්ධතාවයක් තිබුණත්, ඔහු කෙරෙහි මගේ ආදරය කිසි විටෙකත් මැකී ගියේ නැත, ”
නික් කාටර් ඔහුගේ සහෝදරයා සමඟ ළමා කාලයේ දී ගත් ඡායාරූප එකතුවක් සමඟ මෙසේ ඔහුගේ ශෝකය පළ කර තිබුනේ ය.

ඡායාරූප; Nick Carter’s IG
ඡායාරූප; Nick Carter’s IG

ඔහුට කෙසේ හෝ කවදා හෝ සෞඛ්‍ය සම්පන්න මාවතක ගමන් කිරීමට හැකියාව ඇති වන බවත්, අවසානයේ ඔහුට අත්‍යවශ්‍ය වූ උපකාර සොයා ගැනීමටත් හැකි වනු ඇතැයි යන බලාපොරොත්තුව නික් තුළ තිබූ බවත්, සමහර විට අපට පාඩුවක් වනවිට යමෙකුට හෝ යම් දෙයකට දොස් පැවරීමට අපට අවශ්‍ය වන අතර ඇත්ත වශයෙන්ම ඇබ්බැහි වීම සහ මානසික අස්තාවරත්වය මෙහි සැබෑ දුෂ්ටයා යන භූමිකාව වන බවත් නික් එම ප්‍රකාශයෙහි තවදුරටත් පවසා සිටියේ ය.

“කවුරුත් නොදන්නවාට වඩා මට මගේ සහෝදරයා නැතුව පාලුයි. මම ඔයාට ආදරෙයි Chizz. අවසානයේ මේ මිහිපිට ඔබට කිසිදා සොයාගත නොහැකි වූ සාමය දැන් ලබන්න පුලුවන්; දෙවියනි! මගේ කුඩා සොහොයුරාව ආරක්ෂා කරනු මැනවි! ” ලෙසින් නික් ඔහුගේ පෝස්ටුවට හිත කීරි ගැහෙන අවසානයක් එක් කර තිබුනේ ය.

ඡායාරූප; Nick Carter’s IG
ඡායාරූප; Nick Carter’s IG
ඡායාරූප; Nick Carter’s IG

කෙල්ලො වගේ කොල්ලෝ ආදරේදී, සහෝදර ප්‍රේමයේදී බොලඳ වෙනවා හරි අඩු ය. ඔවුන් එකිකෙනාට කෙතරම් ආදරේ වුවත්, මගේ යන හැඟීම තිබුණද එය පෙන්වන්නේ ද නැති තරම් ය. “මල්ලී මං ඔයාට ආදරෙයි” කියලා කෑගසන්න තරම් දරුණු දුකක් නික් ගේ හදවත පලාගෙන ඒමට වීර්‍යය දරණ බවනම් නොරහසකි.

ඡායාරූප; Global News

ඇරන්! ලොවක් පිනවූ ඔබේ කටහඬ ද දැන් අපට අහිමි ව හමාරය..! ඒ ලෝකෙත් රසික රසිකාවියන් උන්මත් කරවමින් ඇරන් යන සන්නාමය පිහිටුවන්න! ඔබට සුභ ගමන්….

නිපුනි ලියනගේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි