×

මවු පදවියට සූදානම් වන ඇබී සහ බ්‍රිට්නි

මෙම සොහොයුරියන් දෙදෙනාට හිස් දෙකක් සහ හදවත් දෙකක් ඇති අතර, ඇත්තේ එක සිරුරක් පමණි.


සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇබී සහ බ්‍රිට්නි නමැති සිරුරින් බද්ධ වුණු ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මෙම සොහොයුරියන් දෙදෙනාට හිස් දෙකක් සහ හදවත් දෙකක් ඇති අතර, ඇත්තේ එක සිරුරක් පමණි.

ඇබී සහ බ්‍රිට්නි ඇමෙරිකානුවන් අතරේත් ලෝකය පුරාත් ජනප්‍රිය වී ඇත්තේ රියැලටි වැඩටහනක් හරහා වන අතර, 34 හැවිරිදි ඇබී සහ බ්‍රිට්නි වෘත්තියෙන් ගුරුවරියකි.

ඇබී සහ බ්‍රිට්නි විවාහ වූ පුවත ද මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී ඇති නමුත්, ඔවුන් විවාහ වී ඇත්තේ මීට වසර 3 කට පෙර බව මාධ්‍ය වාර්තා කරයි, යැයි Truth Press වෙබ් අඩවිය පවසා ඇත.

ඇබී සහ බ්‍රිට්නිගේ අත ගත්තේ ඇමෙරිකන් හමුදා නිලධාරියෙකි. ඔහු 33 හැවිරිදි ජොෂ් බෝලිංග් බව එරට මාධ්‍ය වාර්තා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි