×

සරණාගත නැවක් මුහුදුබත් වී 170ක් ජීවිතක්ෂයට

2018 වසරේදී පමණක් මධ්‍යධරණී මුහුද තරණය කිරීමට උත්සහා කළ සරණාගතයින් 2200කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇත.


සරණාගතයින් පිරිසක් ගමන් ගත් නෞකා දෙකක් මුහුදු බත් වීම හේතුවෙන් මධ්‍යධරණී මුහුදේදී ප්‍රද්ලයින් 170ක් පමණ මිය ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබද නියොජිත කාර්යාලය පවසයි.

ඉතාලියානු නාවික හමුදාව වාර්ථා කරන අන්දමින් ලිබියානු වෙරළේ සිට පැමිණෙමින් තිබූ  මෙම නෞකා මුහුදේ ගිලී ඇත්තේ එහි සිටි සියලු පුද්ගලයින්ද සමගිනි.
2018 වසරේදී පමණක් මධ්‍යධරණී මුහුද තරණය කිරීමට උත්සහා කළ සරණාගතයින් 2200කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇත.

යුරෝපයේ දොරටුව අභියස මෙතරම් පිරිසක් මිය යනු අපිට අන්ධයන් සේ බලා සිටින්නට අපට නොහැකියි” ලෙස එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබද මහකොමසාරිස් ෆිලිප්පෝ ග්‍රැන්ඩි ප්‍රකාශ කලේය.
මෙම සරණාගතයින් පිරිස ලිබියාවෙන් පිටත් වී ඇත්තේ පසු ගිය සෙනසුරාදා දිනයි. 2019 වර්ෂයේ පළමු දින 16 තුළ සංක්‍රමණිකයන් 4216ක් මුහුද තරණය කිරීමෙන් යුරෝපය වෙත ලගා වී ඇත. පසුගිය වසර වල සිට ඉතාලියද ඇතුලු යුරෝපීය රටවල් රැසක් මෙම සංක්‍රමණිකයින් සිය රටට භාර ගැනීම ප්‍රතික්ෂේප කරන ලදී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි