×

බ්‍රිතාන්‍යයෙන් චීනයට චෝදනා!

චෝදනා එල්ල වන්නේ, චීනය/ බ්‍රිතාන්‍යයේ මිලියන සංඛ්‍යාත ඡන්දදායකයින්ගේ පුද්ගලික තොරතුරු වෙත ප්‍රවේශ වී ඇති බවටයි’


සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 25 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):බ්‍රිතාන්‍ය රජය විසින් චීනයට චෝදනාවක් එල්ල කර සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ මැතිවරණ සමයේ සිදු වූ සයිබර් ප්‍රහාර වලට වගකිව යුතු බවටයි.

චෝදනා එල්ල වන්නේ, චීනය/ බ්‍රිතාන්‍යයේ මිලියන සංඛ්‍යාත ඡන්දදායකයින්ගේ පුද්ගලික තොරතුරු වෙත ප්‍රවේශ වී ඇති බවටයි’

බ්‍රිතාන්‍ය මැතිවරණ කොමිසමේ දත්ත පද්ධතියට එල්ල වූ ප්‍රහාර 2021 අගෝස්තු මාසයේදී සිදු වූ අතර එය අනාවරණය වූණේ පසුගිය වසරේ දී වන අතර චීනය විවේචනය කළ බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද සයිබර් ප්‍රහාරවලට ලක්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අගමැති ඔලිවර් ඩව්ඩන් මේ පිළිබඳ අද එරට පාර්ලිමේන්තුව හමුවේ කරුණු දැක්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි