×

Adipurush සහ Pathaan ඇතුළුව බොලිවුඩය කළඹන සිනමා සිත්තම් රැසක් 2023 දී ඔබ හමුවට!

SRK රසිකයන් සඳහා, 2023 නව ජවයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරමින් පතාන්, ජවාන් සහ ඩන්කි ඇතුළු චිත්‍රපට තුනක් නිකුත් කිරීමට ඔවුන් කටයුතු කරන බවක් පෙනී යයි.


බොලිබුඩයේ සුපිරි නළු කින්ග් කාන්,වසර හතරක තම රංඟන ජීවිතයට ලබාගත් විවේකය පසෙකලා නැවත ආගමනය වී ඇත. ඔහු අවසන් වරට අනුෂ්කා ෂර්මා සහ කත්‍රිනා කයිෆ් සමඟ එක්ව රඟපෑ “සීරෝ(Zero)” සිනමාංගය තුළින් බොක්ස් ඔෆිස් වාර්තා වලට අභියෝගයක් එල්ල කිරීමට අපොහොසත් විය. කෙසේ වෙතත්, SRK රසිකයන් සඳහා, 2023 නව ජවයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරමින් පතාන්, ජවාන් සහ ඩන්කි ඇතුළු චිත්‍රපට තුනක් නිකුත් කිරීමට ඔවුන් කටයුතු කරන බවක් පෙනී යයි.

ඡායාරූප; IMDb
ඡායාරූප; Times of india
ඡායාරූප; Youtube

හින්දි චිත්‍රපට කර්මාන්තය තුළින් බොලිබුඩය 2022 වසරේ උච්චාවචනයන්ගෙන් පිරුණු ප්‍රතිචාරයන් අත්විඳින්නට සිදු වූ වසරකි. බොලිවුඩ් A-ගණයේ සුපිරි නළු නිළියන් රඟපෑ චිත්‍රපට ගණනාවක් ද බොක්ස් ඔෆිස් වාර්තා වලට අභියෝග කිරීමට අපොහොසත් වීම බොලිවුඩයටනම් එතරම් සුභදායී පණිවුඩයක් නොවේ. මෙයට බොහෝ හේතු වශයෙන් Covid-19 වසංගතයේ අතුරු බලපෑම්, OTT ද්‍රව්‍යවල වැඩිවීම්, ආගම් ජාතිවාද මූලිකවීම් සහ අභිප්‍රේරණය කරන ලද විවිධ වර්ජනයන් ගත හැක.

Aamir Khan සහ Kareena Kapoor Khan ගේ (Laal Singh Chaddha), Ranbir Kapoor සහ Sanjay Dutt ගේ (Shamshera), Akshay Kumar රංගනයෙන් දායක වූ (Samrat Prithviraj) සහ (Rakshabandhan) ආදී සිනමාංග බොක්ස් ඔෆිස් වාර්තා සමඟ කරට කර සටන් වැඳි අපූරු නිර්මාණ කිහිපයකි.

(Laal Singh Chaddha)ඡායාරූප; bollywood hungama
(Shamshera)ඡායාරූප; Empire Weekly
(Rakshabandhan) ඡායාරූප; Filmfare

නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි