×

ඇෆ්ගනිස්ථාන ජනපතිවරණය තෙමසකින් කල් දැමේ.

පසුගිය සඳුදා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් සහ ගිනි අවි ප්‍රහාරයක් මඟින් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.



2019 වසරේ අප්‍රේල් මස පැවැත්වීමට නියමිතව තිබූ ඇෆ්ගනිස්ථාන ජනපතිවරණය මාස තුනකින් කල් තැබීමට එරට මැතිවරණ බලධාරීන් විසින් කටයුතු කරන ලදී. ඒ අනුව ජනපතිවරනය ලබන වසරේ ජූලි මස හෝ අගෝස්තුවේ මුල් භාගයේදී පැවැත්වීමට නියමිතය.

මැතිවරණය සඳහා ඉදිරිපත් වන්නට නියමිත අපේක්ෂකයන් හට ලියාපදිංචිය සඳහා අවශ්‍ය මූලික කටයුතු නියමිත වේලාවට සිදු කරගැනීමට නොහැකිවීමද අැතුළ හේතූන් කිහිපයක් මෙයට හේතු වී ඇත.
ඇමරිකාව විසින් සිය හමුදා භටයින් 7000ක් දෙනා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කරන බවට වාර්ථා කිරීමෙන් පසු දිනයේදී මෙම තීරණය ගෙන ඇති අතර මෙම ඇමරිකානු භට පිරිස් මසක් ඇතුලත ඇමරිකාව බලා යෑමට නියමිතය.
පසුගිය සඳුදා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් සහ ගිනි අවි ප්‍රහාරයක් මඟින් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

එමෙන්ම ඉරානය ඇෆ්ගන් තලේබාන් සංවිධානය සමග සාකච්ඡා ඇරඹීමට නියමිත බවද ප්‍රකාශ විය. මෙම සිදුවීම් මාලාවද පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණය කල් තැබීමට හේතු වූ බව බලධාරීන් පවසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි