×

අප්‍රිකානු සංගමයත් කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 270ක් වෙන් කර ගනී

මේ වන විට අප්‍රිකානු සංගමයත් සිය සාමාජික රටවල කොවිඩ් 19 වෛරසයට එරෙහිව එන්නත්කරණය ආරම්භ කිරීමට සූදානමින් පසුවෙයි.


එහි ආරම්භ අදියර ලෙස අප්‍රිකානු සංගමය එන්නත් මාත්‍රා මිලියන 270ක් ලබා ගෙන තිබේ.

අප්‍රිකානු සංගමය විසින් පිහිටුවන ලද කාර්ය සාධක බලකාය විසිනුයි එම එන්නත් මහෙයුම්කරණ ක්‍රියාවලිය සිදුකිරීමට නියමිතව ඇත්තේ.

එම ආකාරය සාධක බලකාය පවසා ඇති අන්දමට ෆයිසර්,ඇස්ට්‍රාසෙනෙකා  යන එන්නත් ඔවුන් විසින් වෙන්කර ඇත.

දැනට ලබාගෙන ඇති මෙම එන්නත් මාත්‍රා මිලියන 270 අදියර වශයෙන් මෙම වසර තුළදී ජනතාවට ලබා දීමටද නියමිතය.

වසංගතය ආරම්භයේ සිටම මහාද්වීපයක් ලෙස ඊට සාමූහිකව සහ සහයෝගීතාවයෙන් මුහුණ දීමට අවධානය යොමුව තිබුණු අතර කිසිදු රටක් අත්නොහැරිය යුතු යන මූලධර්මයට බැඳී සිටි බව අප්‍රිකානු සංගමයේ සභාපති සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා මහතා පවසා තිබේ.

කෙසේවෙතත් දිනෙන් දින ඉහළ යන වසංගත තත්ත්වය හමුවේ මෙම එන්නත් ප්‍රමාණය ප්‍රමාණවත් නොවනු ඇති බවත් ඉදිරියේදී ඒ පිළිබඳ අවධානය යොමුකරමින් කටයුතු කරන බවත් සිරිල් සිරිල් රමෆෝසා මහතා සඳහන් කරයි.

ASK for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි