×

AFSPA නීතිය ඉන්දියවේ සැර බාල කරයි

දශක ගණනාවකට පසු උතුරු,නැගෙනහිර ඉන්දියාවේ විශාල ප්‍රදේශවලින් ආන්දෝලනයකට තුඩු දුන් කැරලි විරෝධී නීතියක් බලධාරීන් විසින් ඉවත් කර ගෙන ඇත.


මේ යටතේ, නාගලන්ඩ්, ඇසෑම් සහ මනිපූර් ප්‍රාන්තවල සන්නද්ධ හමුදා විශේෂ බලතල පනත යටතේ ආවරණය වන ප්‍රදේශ සිකුරාදා සිට අවම කරන බව එරට ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා පැවසීය.

බෙදුම්වාදී ව්‍යාපාර මැඩලීම සඳහා ඉන්දියාව 1958 දී AFSPA(Armed Forces Special Powers Act) වන මෙම නීතිය හඳුන්වා දුන්නේය.

1976 එරට කැළඹිලි සහිත ප්‍රදේශ (විශේෂ අධිකරණ) පනතට අනුව වරක් ‘කැළඹුණු’ ලෙස ප්‍රකාශ කළ විට, එම ප්‍රදේශය අවම වශයෙන් මාස 6ක් මෙම නීති ප්‍රකාර තත්වය යටතේ පවත්වා ගත යුතුය.

1958 සැප්තැම්බර් 11 දින සම්මත වූ එවැනි එක් පනතක් එවකට ඇසෑම් ප්‍රාන්තයේ කොටසක් වූ නාගලන්ඩ් කඳුකරයට බලපැවැත්විනි.

ඊළඟ දශක කිහිපය තුළ එය එකින් එක අනෙකුත් සමීප රාජ්‍ය හත දක්වා පැතිර ගියේය.

1989 දී සන්නද්ධ කැරැල්ලක් පුපුරා යාමෙන් පසුව එය පනවන ලද ඉන්දීය පාලනටය ලක්වන කාශ්මීරයේ ද මෙම නීතිය ක්‍රියාත්මක විය.ඇසෑම් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 32 න් 23 ක AFSPA නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර එක් දිස්ත්‍රික්කයක අර්ධ වශයෙන් ඉවත් කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

මෙම නීතිය 1990 සිට ඇසෑම්හි ක්‍රියාත්මකය.මනිපූර් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක හයක පොලිස් ස්ථාන 15 ට අයත් ප්‍රදේශවලින් සහ නාගලන්ඩ් හි දිස්ත්‍රික්ක හතක පොලිස් ස්ථාන සංඛ්‍යාවකින් ද නීතිය ඉවත් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඊසානදිග ඉන්දියාවේ ජනවාර්ගික කණ්ඩායම් හි සන්නද්ධ ක්‍රියාකාර්කම් සම්බන්ධව දිගු කලක් තිස්සේ කිසිදු පූර්ව වරෙන්තුවකින් තොරව ඕනෑම තැනක මෙහෙයුම් සිදු කිරීමට සහ ඕනෑම අයෙකු අත්අඩංගුවට ගැනීමට ඉන්දීය ආරක්ෂක අංශවලට මෙමගින් බලය ලබා දී තිබිණි.

මෙම නීතිය යම් ප්‍රදේශයක හෝ කලාපයක වරකට මාස හයක් පැනවිය හැකි අතර රජයට අවශ්‍ය යැයි හැඟේ නම් එය දීර්ඝ කිරීමේ හැකියාවද පැවතිනි.

එරට මානව හිමිකම් සංවිධාන පවසන්නේ AFSPA නීතිය බොහෝ විට වැරදි ලෙස භාවිතා වන අතර දශක ගණනාවක් තිස්සේ එය අවලංගු කරන ලෙස ඔවුන් ඉල්ලා සිටි බවයි.

පසුගිය දෙසැම්බරයේ නාගලන්ඩ් හි මොන් දිස්ත්‍රික්කයේ හමුදා ප්‍රහාරයකින් සිවිල් වැසියන් හය දෙනෙකු මිය යාමෙන් පසුව නීතිය අවලංගු කිරීමේ ඉල්ලීම් දැඩි විය.

මින් කෝපයට පත්ව හමුදා කඳවුරට පහර දුන් විරෝධතාකරුවන්ට හමුදා විසින් වෙඩි තැබීමෙන් තවත් සිවිල් වැසියන් අට දෙනෙක් මිය ගියහ.

මනිපූර් හි සිව්ල ක්‍රියාකාරිනියක වන ඉරෝම් ෂර්මිලා චානු මෙම නීතියට එරෙහිව විරෝධතා උපවාසයක වසර 16ක් ගත කළාය. මේ සමග ඇය සිය උපවාසය බිඳ දැමුවාය .මෙම උපවාසය ලොව දීර්ඝතම උපවාසය ලෙස 2016 වසරේදී හැදින්විනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි