×

ඊශ්‍රායල් සෙබළෙකුට කණේ පහරක් ගැසූ යුවතියට ක්‍රම 12කට දඬුවම් කරලා

අහෙඩ් ටමිමි: පලස්තීන විරෝධයේ නූතන සංකේතය


අහෙඩ් ටමිමි ඈ කුඩා කල සිටම යුද්ධයට විරුද්ධ විය. තම නිවස වටා ගම පුරා හමුදා සෙබලුන් විසින් තම නිදහස උදුරා ගෙන තිබීම පිළිබදව ඇය විරුද්ධ විය. තම ජන ජීවිත වලට අනවශ්‍ය ලෙස බලධාරීන් කරන ඇඟිලි ගැසිම් වලට ඈ විරුද්ධ විය . ඊට විරුද්ධ වන්නට අන් තරුණ තරුණියන්ටද උවමනාව තිබුණද සියල්ලන් නිහඩතාව රැක්කේ බොහෝ රටවල ආරක්ෂක අංශයට විරුද්ධ වීමේ ආදිනව ඔවුන්ද දන්නා බැවිනි. නමුත් ටමීමී තමන්ට මුහුණ දෙන්නට වන දඩුවමේ ප්‍රමාණය දැන දැනම තම නිවස වටා රැකවලුන් සහ තම නිදහස අහිමි කළ හමුදා සෙබලුන්ව තමන්ගේ ජීවිත වලින් ඉවත් කරන්නට ක්‍රියා කළාය. ඒ නිසාවෙන්ම දාහත් හැවිරිදි යුවතියක් වූ ඈ ඊශායල බලධාරීන් විසින් යුධ භටයෙකු හට කණේ පහරක් ගැසීමේ වරදට වරදකාරියක කර ඈට කස පහර, ගල් ගසා දඩුවම් කිරීම ඇතුළු දඬුවම් 12කට යටත් කර තිබේ. ඇයට මෙම දඩුවම ලැබී ඇත්තේ ඇය විසින් මෙම යුධ භටයා හට කණේ පහරක් ගැසීමේ වීඩීයෝවක් සමාජ මාධ්‍ය ජාලා පුරා ප්‍රචාරය වීමත් සමගිනි. ඇගේ පවුලේ සාමාජිකයින් පවසන පරිදි නීත්‍යනුකූල ලෙස යුධ භටයා විසින් සිදු කරන ලද ක්‍රියාවකට විරුද්ධ වීමේ ප්‍රතිඵලය ලෙස ඇයට මෙම දඩුවම ලැබී ඇති බවයි. මෙයට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල් හමුදාව පවසා සිටිනු ලබන්නේ හමුදා සෙබලා විසින් එම දැරිය ආරක්ෂා කිරීමට ගොස් ඔහුට මෙම අකරතැබ්බයට මුහුණ පාන්නට සිදුව ඇති බවකි.

ඇයට මෙම දඬුවම ලැබී ඇත්තේ ඇය විසින් මෙම යුධ භටයා හට කණේ පහරක් ගැසීමේ වීඩීයෝවක් සමාජ මාධ්‍ය ජාලා පුරා ප්‍රචාරය වීමත් සමගිනි.

මෙම වීඩියෝවෙන් දැක්වෙන පරිදි චෝදනාවට ලක්වූ දැරිය වන ටමිමි තවත් දැරියන් කිහිප දෙනෙකු සමග ඔවුන් ට වඩා උස මහතින් යුත් හමුදා භටයින් දෙදෙනෙකුට පහර දෙමින් සිටින අවස්ථාවකි. කෙසේ වුවද ඉතා වේගයෙන් සමාජ මාධ්‍ය ජාලා තුළ පැතිර ගිය මෙම වීඩියෝව දුටු බොහෝ පලස්තීන වැසියන් චෝදනාවට ලක් වූ ටමීමි වීරවරියක් ලෙස නම් කරන්නට පටන් ගෙන ඇති අතර ඔවුන් පවසා සිටින්නේ තමන්ට සිදු කළ නොහැකිවූ ක්‍රියාවක් ඇගේ වීරකම නිසා සිදු වූ බවයි. මෙමගින් පැහැදිලි වන්නේ ඊශායල් වැසියන් බොහොමයක් රටේ ආරක්ෂක සෙබලුන් හා හමුදා ක්‍රියාවන්ට විරුද්ධ බවයි. ඇයට අමතරව ඇගේ ඥාති සොහොයුරිය සෙබළුන් වෙත කරදර කිරීමේ වරදටද ඇගේ මව මෙම ක්‍රියාව වීඩියෝ ගත කර සමාජමාධ්‍ය ජාලා වෙත මුදා හැරීමේ වරදටද දඩුවම් ලැබීමට නියමිතය.

මේ අතර ඊශ්‍රායල බලධාරීන් විසින් මෙම හමුදා නිළදාරියා නිවැරදි බවට කරුණු පෙන්වා දෙමින් සිටියි. වීඩියෝවට අනුව ටමිනි විසින් තම මෙම හමුදා නිලධාරින්ට තම නිවසේ දොරටුව අසලින් ඉවත් වෙන්න යැයි ඉල්ලා සිටින අතර ඔවුන් එසේ ඉවත් වීමට අකමැත්ත ප්‍රකාශ කිරීමට ප්‍රතිචාර ලෙස මෙම දැරිය විසින් හමුදා සෙබලුන් වෙත පහර එල්ල කරනු ලබයි. මෙම දැරියගේ පියා පවසන්නේ දැරියගේ මෙම ක්‍රියාවෙන් තමන් ආඩම්බර වන බවත් හමුදා සෙබළු විසින් තම දියණිය වෙත කඳුලු ගෑස් පහාර මෙන්ම නිවසේ ජනෙල් බිඳ දමන්නටද කියා කර ඇති බවයි. මින් වසර දෙකකට පෙරද මෙම දැරිය ගේ තවත් වීඩියෝවක් ගැන සමාජ මාධ්‍ය ජාලා තුළ කථා බහට ලක් වූ අතර එහිදීද මෙම දැරිය විසින් පලස්තීන හමුදා භටයෙකුගේ අත සපා කනු එම වීඩියෝවේ දැක ගත හැකිවේ. මේ වන විට පලස්කීනයේ විවිධ මානව හමිකම් සංවිධාන විසින් ටමිනි ගේ කියා කලාපය වර්ණනා තරමින් සිටින අතර තම ආයතනවල ප්‍රචාරණ ව්‍යාපාරයන් සදහා ටමිනිව යොදා ගනිමින් සිටී. කෙසේ හෝ වේවා අද වන විටද ඊශායලයේ පමණක් නොව ශ්‍රි ලංකාවේද පොලිස් හෝ හමුදා භටයෙකු ඉදිරියේ කෙලින් හිස ඔසවා හිට ගත්තද ඔවුන්ගෙන් ලැබෙන්නේ හොඳ ප්‍රතිචාරයක් නම් නොවේ. එවැනි තත්ත්වයක් මත මෙම දැරිය ගේ ක්‍රියාව ට බලධාරීන් වෙතින් ලැබුණු ප්‍රතිචාර මෙන්ම අනෙක් ප්‍රජාව වෙතින් ලැබුණ ප්‍රතිචාරද ඊශ්‍රායල තරුණ පිරිස් වෙත යම් ආදර්ශයක් සපයා දී ඇත්තේය. ටමිමිගේ මෙම ක්‍රියාව මේනම එයට ඊශ්‍රායල් බලධාරීන්ගේ ප්‍රතිචාරය ද තමන් උපන් බිමේ උරුමය පිළිබඳ පවතින අර්බුදය පිළිබඳ නැවත සිතා බලන්නට ඔවුන්ට බල කරනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි