×

භූතයා පහනෙන් එළියට පැමිණ සිටී.. කෘතිම බුද්ධිය සහ අප (1 කොටස)

සටහන – රෂිකා හෙන්නායක. ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කෘත්‍රීම බුද්ධිය …. කෘත්‍රීම බුද්ධිය හෙවත් සරල බසින් හැමෝම දන්නා AI ගැන ඔබ දැනුවත්ද? හැමෝම කියාගන්නා මේ AI ලෝකයට හඳුන්වාදීම හොඳද ?... නරකද..? දෙපැත්තක් තිබේද…? සරලවම කීවොත් මනෝමය ක්‍රියාකාරීත්වයක් යම් ගණිතමය න්‍යායන් හරහා පරිගණකයන්ට ඇතුළත් කිරීමෙන් ලබා ගත් ප්‍රතිඵලය කෘත්‍රීම බුද්ධිය විදියට හඳුන්වන්න පුළුවන්. කෘතිම බුද්ධිය, මෙවලමක් සේ […]


සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කෘත්‍රීම බුද්ධිය ….

කෘත්‍රීම බුද්ධිය හෙවත් සරල බසින් හැමෝම දන්නා AI ගැන ඔබ දැනුවත්ද?

හැමෝම කියාගන්නා මේ AI ලෝකයට හඳුන්වාදීම හොඳද ?... නරකද..? දෙපැත්තක් තිබේද…?

සරලවම කීවොත් මනෝමය ක්‍රියාකාරීත්වයක් යම් ගණිතමය න්‍යායන් හරහා පරිගණකයන්ට ඇතුළත් කිරීමෙන් ලබා ගත් ප්‍රතිඵලය කෘත්‍රීම බුද්ධිය විදියට හඳුන්වන්න පුළුවන්.

කෘතිම බුද්ධිය, මෙවලමක් සේ යන්ත්‍රවලට, අවට පරිසරය වටහා ගැනීමට සහ මිනිස් මොළයට සමාන ආකාරයකින් එයට ප්‍රතිචාර දැක්වීමට ඉඩ සලසන ක්‍රියාවක් ලෙස කරලියට ගෙන ආවේ ජෝන් මැකාර්ති, මර්වින් මින්ස්කි සහ ක්ලෝක්ඩියර්- ෂැනන් ය. ඒ1956 දී ය.

කෘතිම බුද්ධිය යන යෙදුම මුලින්ම නිර්මාණය කළ ඔවුන් එය අර්ථ දැක්වුවේ “බුද්ධිමත් යන්ත්‍ර නිපදවීමේ විද්‍යාව හා දක්ෂතාවය, විශේෂයෙන් බුද්ධිමත් පරිගණක වැඩසටහන්” යනුවෙනි.

AI විසින් …….

# සෞඛ්‍ය සේවා, මූල්‍ය, ප්‍රවාහන, නිෂ්පාදන සහ විනෝදාස්වාදය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල යෙදුම් සොයාගෙන ඇත.

# කර්මාන්තවල විප්ලවයක් ඇති කිරීමට, කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට සහ සංකීර්ණ ගැටළු විසඳීමට එයට හැකියාව ඇත.

කෙසේ වෙතත්, එය පෞද්ගලිකත්වය, පක්ෂග්‍රාහීත්වය සහ රැකියාවට ඇති බලපෑම වැනි සදාචාරාත්මක සහ සමාජීය අවශ්‍යතා ද මතු කරන අවස්ථා අනන්තය අප්‍රමාණය.

අද වන විට මිනිසා පරිගණක ආකෘතියක ජීවත් වනවා යැයි හැඟෙන තරමටම, කෘත්‍රීම බුද්ධිය දියුණු වී ඇතැයි කීවොත් මා නිවරදියි. මන්ද, මෙම තාක්ෂණික දියුණුව මිනිසාට ඵලදායී ලෙස මෙන්ම මුළුමහත් මිනිස් සංහතියේම විනාශය කෙරෙහි ද බලපැවැත්විය හැකි බව ඔබ දන්නවාද?

සෑම දෙයකම යහපත් පැත්තක් මෙන්ම එහි හිනිපෙත්තට යාමෙන් එහි අයහපත් ප්‍රතිඵලද ආරෝපණය කර ගන්නේ මිනිසාමය. එයට හොඳම උදාහරණ වන්නේද කෘතිම බුද්ධිය හෙවත් AI නොවේද?

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේදී කෘත්‍රීම බුද්ධිය සඳහා ඉතා වැඩි වටිනාකමක් ලබා දී ඇති අතර, බොහෝ රටවල මේ වනවිටත් මිනිස් ශ්‍රමය වෙනුවෙන් AI මඟින් බලගැන්වූ යන්ත්‍ර සූත්‍ර භාවිතා කරනු දැකගත හැකිය.

මිනිසාට වඩා ඉතා කාර්යක්ෂමව අඩු කාලයක් තුළදී බොහෝ කාර්යයන් ප්‍රමාණයක් සිදු කිරීමට එවැනි යන්ත්‍ර සූත්‍ර වලට හැකි වී තිබීම හේතුවෙන් නොබෝ කාලයකින් මිනිස් ක්‍රියාකාරකම් වලින් 80% පමණ AI හරහා සිදුකරනු ඇතැයි විද්‍යාඥයන් අනාවැකි පළ කර ඇත..

කෘතිම බුද්ධිය විසින් මිනිස් මොළය ඩැහැගෙන ඇත.

වැඩිදියුණු කළ විද්‍යුත් තැපැල් පණිවිඩ භාවිතයත්, ජංගම චෙක්පත්, තැන්පතු ඔබ වෙත ගෙනවිත් තිබෙනුයේ මෙම AI හරහා ය.

අද වන විට කාර්යක්ෂම භාෂා ඉගැනුමට අප පවා බොහෝ විට භාවිතා කරනු ලබන ගූගල් පරිවර්තනය (Google Translation) ද AI තුළින් මිනිසාට ලැබුණු අගනා දායාදයකි.

ඕනෑම අවස්ථාවක ඕනෑම භාෂාවකට යම් පරිවර්තනයක් සිදු කර ගැනීමට අවශ්‍ය වූ විට මහත් අස්වැසිල්ලක් වන එම යෙදවුමෙහි සජීවී කියවීම ද පවතිනු දැකිය හැකිය. ඇතැම් විට අපගේ අත් අකුරු පවා එම යෙදවුම් හරහා කියවීමට හැකිවීමෙන් කටයුතු වඩාත් පහසු වී තිබේ.

මෙලෙස AI තුළින් බලගැන්වූ යන්ත්‍ර මගින් ලොව තාක්ෂණික වශයෙන් මෙන්ම බුද්ධිමය වශයෙන් මහත් විප්ලවයක් සිදුවෙමින් පවතී.

එවැනි නිර්මාණ අතර ස්වයං – රිය පදවන මෝටර් රථ, ගුවන් යානා පිළිබඳ ඔබ අසා තිබෙනවාද?

මිනිසා මෙන්ම මාර්ග සංඥාවලට අනුගතව, මාර්ගය හරහා පාර මාරුවන පදිකයන් පිළිබඳව අවධානයෙන් යුතුව, අනෙක් වාහන අතර නියමිත දුර පවත්වාගනිමින් මිනිසාගේ මැදිහත් වීමකින් තොරව වාහනයකට තනිව මාර්ගයක ගමන් කළ හැකි බව ඔබ විශ්වාස කරනවාද?

බොහෝ රටවල පවතින මාර්ග නීතිරීති අනුව ස්වයං – රිය පදවන මෝටර් රථයන්හි රියදුරු අසුනේ අනිවාර්යයෙන්ම මිනිසෙකු අසුන් ගෙන සිටිය යුතු වුවත් පූර්ණ වශයෙන් මිනිසකුගේ මැදිහත් වීමකින් තොරව ධාවනය වීමට එවැනි මෝටර් රථවලට හැකියාව පවතී. එපමණක් නොව අද වන විට ස්වයංක්‍රීය නියමු (Auto Pilot ) ගුවන් යානා ද AI හරහා ක්‍රියාත්මක වන අතර පරිගණකයට අවශ්‍ය දත්ත සැපයීමට පමණක් ගුවන් නියමුවෙකු අවශ්‍ය වේ. එවැනි කාර්මික අංශයේ බොහෝ අවස්ථාවල දී AI භාවිතය අද වන විට නව ප්‍රවණතාවක් බවට පත්ව තිබේ.

එදිනෙදා අප දැනුවත්ව හෝ නොදැනුවත්ව භාවිත කරනු ලබන බොහෝ උපකරණවල මෙකී කෘත්‍රීම බුද්ධිය අන්තර්ගතව පවතින බව අප අවිවාදයෙන් යුතුව පිළිගත යුතුය.

උසස් මනෝමය හැකියාවකින් යුතු එකම සත්ව කොට්ඨාසය ලෙස මිනිසා හඳුන්වා දුන් කාලය අද අවසන් වී දැයි සිතෙන තරමට කෘත්‍රීම බුද්ධිය මිනිසා ආක්‍රමණය කරමින් සිටී. ඒ තරමට මිනිස් නිර්මාණශීලිත්වය මොට කරමින් මිනිසා විස්නිම මුවහත් කළ ජීවය දුන් කෘත්‍රීම බුද්ධිය සහිත මෙවලම් අද වන විට ලොව ප්‍රබලතම හා දියුණුතම අජීවී සත්ව කොට්ඨාශය බවට පත් වෙමින් සිටී.

ගල් යුගයේ පටන් තමාගේ ආරක්ෂාවට අවි ආයුධ නිර්මාණයත්, ස්වාභාවික උපද්‍රවයන්ගෙන් ආරක්ෂා වීමට නිවාස ඉදිකිරීමත්, ගමන් පහසුව සඳහා වාහන නිපදවා ගැනීමත් මිනිසා සිය බුද්ධිය මෙහෙයවා නිර්මාණය කරගත් විශිෂ්ටතම මානවයා මිනිසා වුවත්, අද ඔහු විසින්ම නිර්මාණය කළ කෘතිම බුද්ධිය හා බද්ධ වූ අජීවී මිනිස් මෙවලම් සජීවී මිනිසා දෙසටම පාරා වළල්ලක් වී ඇත…

දෙවැනි දිගහැරුමෙන් නැවත හමුවෙමු….



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි